Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ගෙවල්වල මෙහෙකාරකම් කරලා සිංගප්පූරුවේ තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගා ගත් දිරිය කාන්තාව

වාසනාව උපතින්ම හිමිවන පුද්ගලයන් හිටියත් තමන්ගේ වාසනව තමන් වෙත ළඟා කර ගත්තු පුද්ගලයනුත් ඉන්නවා .ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ වාසනාව උපතින් දෝත දරා ගෙන ආවේ නැතත් ඒ වාසනාව ම තමන්ගේ ජීවිතයට ළඟා කරගත් හරි අපූරු උත්සාහවන්ත කාන්තාවක් පිළිබඳවයි.

ඇය නමින් නිලූ ජයවීර වේ.මීගමුව ප්‍රදේශයේ උපත ලබන ඇයට වයස අවුරුදු අවුරුදු 16 වන විට දෙමව්පියන් අහිමි වෙනවා . සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් බර ඇගේ මත පැට වෙද්දි  ඔවුන් සියලුම දෙනා අනාථ නිවාසෙක දිවිගෙවන්න  තීරණය කරනවා .අනාථ නිවාසෙක හැදී වැඩුණු මේ අපූරු තරුණිය විදේශ රටක් ජයගෙන තමන්ගේ ව්‍යාපාර ලෝකේ එළිය කර ගනියි කියා කවුරුත් හිතන්න නැතුව ඇති.

දෙමවුපියන් අහිමිවීම නිසා ඉගෙන ගන්න ආසාව තිබුනත් ඉස්කෝලේ යන්න අගහිඟකම් තිබුණ නිසා පාසල් අධ්‍යාපනය හරියාකාරව ඇයට ලබන්න හැකියාව ලැබෙන්නේ නැහැ .දෙමවුපියන්ගේ වියෝවෙන් පස්සේ කිසිම නෑදෑ හිත මිතුරෙක් ඔවුන්ව බාර ගන්න ඉදිරිපත් වෙලා නැහැ .නමුත්  පල්ලියේ  සිස්ට ගේ මැදිහත්වීම මත ඔවුන් අනාථ නිවාසයකට භාර දෙනවා.ඉතින් ඇයට අවුරුදු 18 සම්පූර්ණ වූ පසු කටුනායක  ඇඟළුම් කර්මාන්තශාලාවක අත්උදව් කාරිනියක් විදිහට රැකියාවක් තොරගන්නවා.

මුලින් අත්උදව් කාරියක් විදිහට රැකියාව කළත් පස්සේ කාලෙදි වැඩපල හරියට ඉගෙන ගෙන මැෂිැන් ක්‍රියාකරවන්නියක් බවට ඇය පත්වෙනවා .ඉතින් රැයක් දවාලක් නැතුව ඇය විසින් හරි හම්බ කරන සියලුම ධනය වියදම්  කරන්නෙ  තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරියන් ගේ අනාගතය වෙනුවෙන් .ඉතින් ලංකාවෙ ඉඳලා ගන්න පුංචි පඩියකින් කවදාවත් ඉහලට යන්න බෑ කියලා හිතන ඇය පිටරට යන්න තීරණය කරනවා .

මේ වෙද්දි ඇගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් ඩුබායිවල සහ සිංගප්පූරු වල හිටියා .ඉතින් ඒ අයගේ  උදව්වෙන් කොහොම හරි රටකට යනවා කියලා තීරණය කරපු ඇය මේ රටවල් දෙකේම ගෘහ සේවිකා ඇබෑර්තු සඳහා ඉල්ලුම් කරා .ඉතින් රටකට යන්න හිතුවත් ඒ වගේ රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ ඉංග්‍රීසි දැනුම හෝ තාක්ෂණික දැනුම ඇයට තිබ්බෙ නැහැ.නමුත් ඇගේ ජීවිතය වෙනස් කරමින් ඇය සිංගප්පූරුවේ ගෘහ සේවිකා ඇබෑර්තු ව ක ට තෝරගන්නවා .

ඉතින් මේ ලැබුණු අවස්ථාවෙන් ඉමහත් ප්‍රීතියට පත්වෙන ඇය දහසකුත් බලාපොරොත්තු මැද සිංගප්පූරුව බලා දෙදහ වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් පිටත් වෙනවා.අතේ සතයක් වතවත් නැතුව සිංගප්පූරු ගුවන් තොටුපළට ගොඩ බසින ඇය එතැන් පටන් චීන ජාතික නිවසක ගෘහ සේවිකාවක් වශයෙන් කටයුතු කරනවා .

ඉන් අනතුරුව ඇය එතනින් ඉවත්  වී නැවතත් සිංගප්පූරුවේ පදිංචි වී සිටින ඉන්දියානු නිවසක වසර හතරක කාලයක්  සේවය කරනවා  ඉන් අනතුරුව කීප වතාවක්ම විවිධ නිවෙස් වල රැකියා කරමින් කාලය ගත කරපු මේ අපූරු කාන්තාව අවසානයට ප්‍රංශ ජාතික පවුලක් වෙසෙන නිවසක මෙහෙකාර සේවයට යනවා .

ඉතින් මේ ගෙදර හිටපු ස්වාමිදුව එහෙමත් නැත්නම් මේ ගෙදර කාන්තාව නිරන්තරයෙන්ම ඇය පිළිබඳව හොයලා බැලුවා .ඇය සඳහන් කළේ මේ කාන්තාව ඇයට  අලුත් දේවල් ඉගෙන ගන්න කියලා  ගොඩක් වෙලාවට උනන්දු කළා කියලා .ඉතින් ඒ නිසාම ඇයව ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගන්න මේ කාන්තාව විසින්  පන්ති වලට සහභාගි කෙරෙව්වා කියලා නිලු පවසනවා.

ඉතින් තමන්ගේ ස්වාමි දුවගේ කරුණාවන්ත භාවය නිසාම ඉංග්‍රීසි භාෂාව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඉගෙන ගන්න නිලූ තීරණය කරනවා .ඉතින් ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ ඇය තීරණය කරනවා විවිධාකාරයේ ස්වයං රැකියාවන් අත්හදා බලන්න .නමුත් ඒ එකක්වත් හරි ගියේ නැහැ.ඒ නිසා ඒ සියල්ලම ඇය අතාරිනවා.

මෙහෙම කාලයක් ඉද්දි නිලූ මේ පවුලේ පරිභෝජනය සඳහා ලංකාවෙන් තේ කොළ පැකට් ඇණවුම් කලා.ඉතින් මේ තේ කොළ වලට මේ ගෙදර අය ගොඩක් කැමති උනාකියල නිලු සඳහන් කරනවා.ඉතින් නිරන්තරයෙන්ම ඇයව දිරිමත් කරන්නේ මේ ගෙදර නෝනා.දවසක්දා මේ අපූරු කාන්තාව නිලුට කියනවා ඔයා අපිට බොන්න තේ ගේනවා වගේ මෙහාට තේ කොළ ගෙනල්ලා ඔන්ලයින් ක්‍රමයට විකුණන්න කියලා .

ඉතින් මේක හරි අපූරු අදහසක් ලෙස හිතපු නිලු වර්ෂ 2012 දී  මෙරටින් තේ  ගෙන්වා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ “natural product product by nilu”නමින් වෙබ් අඩවියක් නිර්මාණය කරමින් .ඉතින් ඇය මේ සකස් කරපු online වෙබ් අඩවිය ඔස්සේ ඇණවුම් කරපු  තේ සිංගප්පූරු ජනතාවට අලෙවි කළා .

ඉතින් ලංකාවෙන් ලබාගත්තු මේ නැවුම් තේ කොළවලට සිංගප්පූරුවෙන්  හොද  ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා .පොඩිවට පටන් ගත්තු මේ ව්‍යාපාරය 2018 වර්ෂයේ දී නිලු ටි නමින් නැවත වතාවක් ඇය විසින් ආරම්භ කරනවා 

ඉතින් ඇය සතුව තිබූ ලක්ෂ 18ක වැනි මුදලක් යොදවා  ඇය වැඩ කල නිවසේ කාන්තාවගේ උදව් උපකාර මත ශ්‍රී ලංකාවට පැමිණ තේ කිලෝ 50ක් සිංගප්පුරුවට අරන් යනවා .ඒ ආකාරයෙන් පටන් ගත්තු මේ අපූරු ව්‍යාපාරය  තුළින් අද ඇය ඉහළ  ආදායමක් ලබනවා කියලා සඳහන් කරනවා ඉතින් ජාත්‍යන්තරය ජයගත් නිලු ටී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළත් ප්‍රචාරය කරන්න ඇය බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා .ඉතින් අවුරුදු විස්සේදී ගෘහ සේවිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටව ගිය මේ කාන්තාව අද වන විට සිංගප්පූරුවේ තමන්ගේ ව්‍යාපාරය විකාරයක් වීමට තරම් වාසනාවන්ත වෙනවා.ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපි හදවතින්ම සුබ පාර්තනා ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies