Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඉතිහාසයේ පළමු පියාසර නිලධාරිනියන් දෙදෙනා ලෙස පත්වීම් ලැබූ අභීත දියණියන්

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය දක්වා රැව් පිළිරැව් දෙන ප්‍රධානම හේතුව තමයි ශ්‍රී ලංකාව සතුව තිබෙන ගුවන් නාවික යුද කියන්නාවූ  ආරක්ෂක අංශයන්හි තිබූ අතිවිශිෂ්ට ශක්තිමත් භාවය සහ විශිෂ්ට  හැකියාවන්ගෙන් යුත් පුද්ගලයන් ඒ තුළ සේවය කළ නිසාවෙනුත් ය.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ගුවන ජය ගත් හරි අභීත කාන්තාවන් දෙදෙනකු  පිළිබඳවයි.මේ දෙදෙනා පිළිබඳව කතා බහට ලක් වන්නේ පසුගිය කාලසීමාවේදී  ගුවන් හමුදා ඉතිහාසයේ පළමු පියාසර නිලධාරිනියන් ලෙස ආර් ටී වීරවර්ධන සහ  ඒ ඩී පී එල් ගුණරත්න නැමැති කාන්තාවන් දෙදෙනා පත්වීමත් සමගය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දහතුන්වෙනි කාන්තා කැඩෙට්  නිලධාරීන් ඇතුලත් කර ගන්නා අවස්ථාවේදී  ලංකාවේ විවිධ පැති නියෝජනය කරමින් නම දෙනෙක් දියතලාව සටන් පුහුණු පාසලට පැමිණියා .ඉතින් මේ අපූරු කාන්තාවන් දෙදෙනාත් එලෙස  පුහුණු වීමට පැමිණි දෙදෙනෙක්.

පුහුණු පාඨමාලාවට බැඳෙන ඔවුන් මූලිකවම ගොඩබිම් සටන් පුහුණුවීම් සති 21 පුරාවට සිදුකල අතර  ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියෙන් ත්‍රිකුණාමල චීන වරයා මූලික පරිපාන පාඨමාලාව සම්පූර්ණ කර ඇත.

ඉන් අනතුරුව මේ නිලධාරීන් දෙදෙනා ගුවන් යානා පැදවීමේ මූලික විද්‍යාව උපාධිය හැදෑරීමට යොමු වෙනවා .මේ පාඨමාලාවේ විශේෂිතම අංගයක් වන න්‍යායක පුහුණුව අවසානයේ පියාසැරිය ඉංජිනේරු පරිපාලනය සහ ලොජිස්ටික් යන  අංශ කෙරෙහි ඔවුන් අවදානය යොමු කරන්න පටන් ගත්තා.එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරීන් නො 1 පියාසර පුහුණු පක්ෂ අංග වෙත යොමු වී  විශේෂිත පුහුණුව ලබා ගන්නා මොවුන් වාසනාවන්ත වුණා.

ඉතින් ඔවුන් ඔවුන්ගේ පියාසැරි පුහුණු කාලසීමාව සම්පූර්ණ කිරීම සඳහා යොදා ගන්නේ ස්විස්ටලන්තයේ නිෂ්පාදිත පුහුණු ගුවන් යානයකි.ඉතින් මොවුන්ගේ මූලික පියාසැරි පුහුණුව ලෙස ඉන්දියාවේ හයිද්‍රාබාද් වල පිහිටි ඉන්දීය ගුවන් හමුදා academy පාඨමාලා අංක 204 අවුරුද්දක වැනි කාල සීමාවකදී සම්පූර්ණ කර ඇත.

ඉතින් මොවුන් දෙදෙනා පිළිබඳව කෙටි විස්තරයක් පහතින් දක්වා ඇත.

පයලට් ඔෆිසර් පවිත්‍රා ලක්ෂාණි

ඇය මහනුවර අම්පිටිය ප්‍රදේශයේ උපත ලබන  තැනැත්තියක් වන අතර මහනුවර හිල්වුඩ් විදුහලේ මූලික අධ්‍යාපනය හදාරා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වී මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත් වෙනවා .එහිදී උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත් වන ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා.

පාසල් කාල සීමාවේ දී ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කරන අය විවාද කණ්ඩායමේ වාද විවාද තරඟ   වලට ද නිරන්තරයෙන්ම  සහභාගීවූ තැනැත්තියක් .ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂතාවයක් දැක්වූ ඇය නිරන්තරයෙන්ම මලල ක්‍රීඩා  සහ වොලිබෝල්  ක්‍රීඩා කරා .

අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් සිටි ඇය ගුවන් හමුදාවට බැඳෙන්න ආසාවකින් හිටියා .ඒ අනුව 2017  ජූනි මස 19 වැනි දින ගුවන් හමුදාවට බැඳෙන්නට ඇය තීරණය කරනවා .ඉතින් මේ පුහුණු කාල සීමාවේදී ඇගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් කීපයක්ම සිදු වුණා කියලා ඇය සඳහන් කරනවා .

ඉතින් ගුවන් හමුදාවට ප්‍රථම වතාවට ගුවන් නියමුවරියන් බඳවා  ගැනීම පිළිබඳව ආරංචිය ගිය වහාම ඇය මේ සඳහා ඉල්ලුම් කළ යුතුයැයි සිතනවා.ඉන්පසුව තමයි ඇයට මේ අවස්ථාව උදා වෙන්නේ.මේ නිසාම ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් නියමුවරියක් වශයෙන් අභිෂේක ලබන්න ඇය වාසනාවන්ත වුණා  කියලා වැඩිදුරටත් පවසනවා.

පයලට් ඔෆිසර් රංගනා තත්සරණි

ඇය අම්පාර ප්‍රදේශයේ උපත ලද තැනැත්තියක් වන අතර 2003 වර්ෂයේදී වේයන්ගොඩ ප්‍රදේශයට පදිංචියට එනවා .මූලික අධ්‍යාපනය ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයෙන් හදාරණ ඇය 5 ශේණිය ශිෂ්‍යත්ව  විභාගය සමත්  වී වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා.

එහිදී සාමාන්‍ය පෙළ a සාමාර්ථ 9ක් ලබා ගන්නා ඇය උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුලත් වෙනවා.පාසල් කාලසීමාවේදී ඇය පාසලේ වායු රයිපල හා වායු පිස්තෝල සංසදයේ සාමාජිකාවක් වශයෙන් ද කටයුතු කර ඇත.

ඇයට කුඩා කළ පටන්ම ගුවන් හමුදාවට  බැඳෙන්න ආසාවක් තිබිලා තියෙනවා ඉතිං අයදුම්පත යොමු කරල තියෙන්නේ අන්න ඒ ආසාව නිසාමයි කියලා  සදහන් කරනවා .පුහුණුවට බැඳීමෙන් පසු මාස හයක් දියතලාව සටන් පුහුණු පාසලේ අවි පුහුණුව ඇතුළු ගොඩබිම් පුහුණුවක් ලබා ගත් ඇය මේ වන විට වෘත්තීය වශයෙන් පළපුරුදු ගුවන් නියමුවරියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ඇය හරි අපූරු ජයග්‍රහණයක් ලබනවා ජනාධිපති වර්ණ සහිතව හමුදා පෙළපාළියක් මෙහෙයවමින් එයට  මුහුනදුන් ලංකාවේ පළමු නිලධාරිනිය ලෙස ඇය ඉතිහාසගත වෙනවා.ගුවන් නියමුවරියක් වශයෙන් ඇයට ලැබී තිබෙන රාජකාරිය රට වෙනුවෙන් අකුරක් පාසා නියමිත ආකාරයෙන් ඉටු කිරීම ඇගේ අනාගත බලාපොරොත්තුව බව වැඩිදුරටත් ඇය සඳහන් කළා.

ඉතින් මේ අපූරු කාන්තාවන් දෙදෙනා ගුවන ජය ගත් ලක් මාතාවගේ අභීත දියණියන් ලෙස මේ වන විටත් බොහෝ දෙනෙක් දැනගෙන අවසන්.ඉතින් ඔවුන්ගේ සියලු වැඩකටයුතු එයාකාරයෙන්ම සාර්ථක වේවායි අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies