Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

රෝගීන්ට වීඩියෝ මාර්ගයෙන් ප්‍රතිකාර ගැනීමට ඩිජිටල් සෞඛ්‍ය සේවයක් ආරම්භ කල නිර්මාතෘවරිය

රට තුළ පවතින තත්ත්වය සලකා බලන විට නිරන්තරයෙන් ම පුංචි වූ අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න යනවා කියන්නේ විශාල අවදානමක්. මෙන්න මේ හේතුව නිසා මේ කාලයට ගැළපෙන ආකාරයෙන් වීඩියෝ මාර්ගයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දුන් අපූරු පුද්ගලයෙක් ගැන තමයි අපි අද ඔබට කතා කරන්න යන්නේ.

ඇය නමින් වෛද්‍ය සරා සයිඩ් කුරාම් වේ. ලොවපුරා රටවල් වල සෞඛ්‍ය සේවය සැපයීම ටෙලි වෙදකම හෙවත් වීඩියෝ මාර්ගයෙන් සිදු වුණේ නැතත් වර්තමානය වන විට රටවල් වල පවතින්නාවූ අවාසනාවන්ත තත්වය නිසාම මේ අලුත් තාක්ෂණයට විශාල ඉල්ලුමක්  නිර්මාණය වෙලා අවසන්.

ඇය මේ වන විට රෝගීන්ට වීඩියෝ මාර්ගයෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස වෛද්‍යවරුන් සොයා දෙන සෞඛ්‍ය සේවයක සම නිර්මාතෘවරිය ලෙස හඳුන්වන්න පුළුවන් .පාකිස්තානයේ ජීවත්වන ඇය පවසන ආකාරයට එරටේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන් ගෙන් සියයට හැත්තෑවක් පමණ ම කාන්තාවන්.

නමුත් වෛද්‍ය වෘත්තියේ නියැලිලා ඉන්නේ කාන්තාවන් සියයට 23 ක පමණ ඉතාමත් අඩු ප්‍රතිශතයක් පමණයි .ඉතින් එයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් බලා කියා ගැනීම උදෙසා පනවන විවිධාකාරයේ සීමාවන් නිසා නිවසට වී කාලය ගත කිරීමට සිදු වීම බව ඇය විශ්වාස කරයි.

මෙන්න මේ හේතුව නිසාම නිවසේ සිට රාජකාරි කිරීම උදෙසා ඇය විසින් මේ අපූරු තාක්ෂණය ලොවට හඳුන්වා දෙනවා. මේ අපූරු තාක්ෂණය නිසාම මේ වන විට ඇයත් සමග එකතු වූ වෛද්‍යවරයන් ගණන 1500 සිට 5000 දක්වා වැඩි විය.

සාමාන්‍යයෙන් මෙම ආයතනයේ සේවය කරන වෛද්‍යවරියක් නිවසේ සිට සේවය සපයා මසකට ඩොලර් 200ක පමණ අදායමක් ලබන අතර එය ඔවුන්ට ඉතා ප්‍රමාණවත් ආදායමක් බව සඳහන් කරනවා.

ඉතින් මේ සේවාව ක්‍රියාත්මක කරද්දි නිරන්තරයෙන්ම විවිධ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දුන්න කියලත් ඇය මුලින්ම  සඳහන් කරනවා. ඒ අතරින් රෝගී කාන්තාවන් කැමරාව ඉදිරියට ඒමට ඇති ලැජ්ජාශීලී බව ප්‍රධාන වෙනවා.

මේ අපූරු තාක්ෂණයක් සමඟ එකතු වී සිටින වෛද්‍යවරුන් මේ වන විට පකිස්ථානයෙන් පිටත සිටින යුද කලාපය රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඉතින් පකිස්තානයේ පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීමට ගැනීමට අවස්ථාව හිමිවන්නේ එරට දෙසීයකටත් අඩු ජනගහන ප්‍රමාණයකට ඉතින් ටෙලි වෙදකම හෙවත් මේ අපූරු තාක්ෂණය ඔස්සේ දුෂ්කර පළාතක ජීවත් වන පුද්ගලයකුට පවා ඉහළම විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව උදා වෙලා තියෙනවා.

ඉතින් මේ අපූරු සේවය හරහා බොහෝ වෙලාවට රෝගීන්ගෙන් අය කරන්නේ ඉතාම සුළු මුදලක් පමණයි. මෙනිසාම රෝගීන්ගේ ධනය සහ කාලය ඉතුරු වන බව සඳහන් කරනවා. ඒ වගේම මේ සේවයෙන් ප්‍රතිකාර ලබා ගත් බොහෝ රෝගීන් එය ඉහළින් අගය කරන්නත් අමතක කරන්නේ නැහැ.

ඉතින් මේ සමාගම සමග එකතු වී වැඩ කරන අපූරු වෛද්‍යවරියක් තමයි අනුම් අහමඩ් කියලා කියන්නේ.ඇය 2016 දී තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ දිනකට දීර්ඝ පැය ගණනාවක් එක දිගට සේවය කරලා තියෙනවා.

නමුත් ඇගේ පළමු දරු ප්‍රසූතියෙන් පසු ඇයට සම්පූර්ණයෙන්ම ඇගේ වෘත්තිය ජීවිතයට සමු දෙන්න සිදු වෙනවා. නමුත් මේ සේවාව හඳුන්වා දීමෙන් පසු ඇය මේ සමාගම සමග එකතු වෙනවා තමන් ඉගෙන ගත් දෙයින් යම්කිසි සේවයක් ජනතාවට ඉෂ්ට සිද්ධ කරන්න.

ඉතින් මේ ආකාරයෙන් බොහෝ අවස්ථාවන් හිමිවුණු වෛද්‍යවරියන් පිළිබඳව මේ නිර්මාතෘවරිය කතා කරන්නේ අද ගොඩක් සතුටෙන්. ඇය පවසන්නේ බරපතළ නොවන ලෙඩ්ඩුන්ට ඔවුන් ප්‍රතිකාර කිරීමට ආරම්භ කිරීම නිසා රෝහල් වල තදබදය අඩු වෙන්න පටන් අරන් තියෙනවා.

වෛද්‍ය සයිඩ් හෙවත් මේ අපූරු තාක්ෂණය ලොවට හඳුන්වා දුන් වෛද්‍යවරිය පවසන්නේ මේ වෙදකම තුළින් රෝගීන්ට ඉහළම සේවයක් ලබාදීමට  ඉදිරියේදිත් ඔවුන් ක්‍රියා කරන බවයි.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies