Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් දොළොස් දෙනා අතරට තේරී පත්වූ කස්තුරි චෙල්ලරාජා

වර්තමානය වන විට  සාම්ප්‍රදායික රාමුවකට කොටුවී සිටින කාන්තාවන් ඒ රාමුව බිඳහෙළමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා විවිධාකාර පියවර  තබනවා අපි අහලා සහ දැකලා තියෙනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ධෛර්යසම්පන්න ලෙස තමන්ගේ ජීවිතය ජය ගනිමින්  තමන්ටත් වැඩක් කරගනිමින් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ද ඍජු දායකත්වයක් දැක්වූ හරි අපූරු කාන්තාවක් පිළිබඳවයි.

ඇය නමින් කස්තුරි චෙල්ලරාජා  නම් වේ. ඇය  කුඩාකාලයේ යාපනය ප්‍රදේශයේ හැදී වැඩී ඇති අතර පසුව කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයට පදිංචිය සඳහා පැමිණ ඇත. බම්බලපිටිය ශුද්ධ වු කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය  ගණිතය විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරන්න තීරණය කරනවා.

එවකට රට තුළ කලබලකාරි තත්ත්වයක් පැවති නිසා ඇය නිරන්තරයෙන්ම ඉගෙනීම් කටයුතු කරේ  සිංහල දරුවන් සමගයි. ඒ නිසා හොඳින් සිංහල කතා කරන්න ඇයට හැකියාව ලැබුණා. ඇයට කුඩා කාලයේ  පටන් ම ආසාව තිබුණේ ඉන්ජිනේරු ක්ෂේත්රය ට පිවිසෙන්න.

ඒවගේම ඇය පාසලේ දක්ෂ ක්‍රීඩිකාවක් ද වුණා. ඉතින් හොඳින් අධ්‍යාපන කටයුතු හැදෑරූ ඇය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට සමත් වෙනවා. නමුත් ඇගේ විශ්වවිද්‍යාල ජීවිත ගමන එක දවසකට පමණක් සීමා වෙන්නේ නවක වදය නැමැති අමිහිරි අත්දැකීමට ඇය මුහුණ දුන් නිසායි.

එයට මූලිකම හේතුව වුණේ ඇගේ නැගණියත් මේ නවක වදය නමැති අමිහිරි අත්දැකීමට මුහුණ දීම නිසා නිරන්තරයෙන්ම මානසික වශයෙන් පීඩා විඳි පුද්ගලයෙක් වීමයි. මේ වයසේ අනෙකුත් ගෑනු ළමයි ගෙදරට සීමා වෙලා වැඩ කටයුතු කරන අතරතුර ඇගේ මව ඇයව උනන්දු කෙරේ නිරන්තරයෙන්ම අධ්‍යාපන කටයුතුවලටයි.

ක්‍රීඩා කටයුතු වලට සහභාගී වන ඇය ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර රාත්‍රී කාලයේදීත් අමතර පන්තිවලට සහභාගි වී විගනන නිලධාරිණියක් වීමේ වෘතීය සුදුසුකම් සපුරනවා. ඇය එසේ සුදුසුකම් සපුරන විට වයස අවුරුදු 22 ක තරුණියක්.විවාහ ජීවිතයට ඇතුළත් වන ඇය පලමු දරු පිලිසිද ගැනීමෙන් පසුව තම රැකියාවෙන් ඉවත් වෙන්නේ දරුවව හොඳින් බලාකියා ගන්න ඕන නිසයි.

නමුත් මෙහෙම කාලයක් ඇය ජීවත් වන විට අවුරුදු 29 දී ඇය සැමියාගෙන් වෙන්වෙලා සිය පුතුන් දෙදෙනා සමග මවුපියන්ගෙ නිවස බලා පිටත් වෙනවා. ඉතින් මේ ජීවිත කාලය ඇය ඉතාමත් දුෂ්කරව ගත කළ බවත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය තදින්ම ඒ වන විට ඇයට දැනුනු බවත් ඇය පවසනවා.

ඉතින් වෘත්තිය සුදුසුකම් සහ අත්දැකීම් පදනම් කරගෙන ඇය දෙදාස් විස්ස ඔක්තෝම්බර් පළවෙනි දෙන සිට හේමාස් හෝල්ඩ්ංග්ස් g l c ව්‍යාපාර ජාලයේ නව ප්‍රධාන නිලධාරිනිය ලෙස අලුත් ගමනක් ආරම්භ කරනවා. ඉන් නොනැවතුන ඇය ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේලයිස්තුගත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වන පළමු කාන්තාව බවට ද ප්‍රසිද්ධ වෙනවා.

ඇගේ සුදුසුකම් සහ දක්ෂතාවය මත ආ මේ ගමන්මග නිසාම පාර්ලිමේන්තුව විසින් 2019 වසරේ දී ඇයව ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් දොළොස් දෙනා අතරට තෝරා පත් කර ගන්නවා. මේ උත්සවයේ දී ඇයව ඇගැයීමට ලක් වුණා.

ඉතින් ජීවිතයේ කොතෙකුත් බාධා පැමිණියත් ඒ සියල්ලම නොසැලී දරාගෙන සියල්ලටම හොඳින් මුහුණ දී ජීවිතය ජය ගත් අපූරු කාන්තාවක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies