Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

රෝග රැසක් හදුනා ගත හැකි ඇ.එ.ජ පේටන්ට් බලපත්‍රයක් හිමි මෙරට තාක්ෂණික නිපැයුම

පසුගිය දිනයක ඇමරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන පේටන්ට් බලපත්‍රයක් අපේ රටේ නව නිර්මාණයක් උදෙසා හිමිවනවා සැබවින්ම ඇමරිකානු එක්සත් ජනපදය පේටන් බලපත්‍රයක් හිමි කරගන්නවා කියන්නේ ඉතාමත් අසීරු කටයුත්තක්.

මෙහිදී අපේ රටේ විද්‍යාත්මක නිමැවුමක් සඳහා විදේශ රටක දී මෙවැනි පේටන් බලපත්‍රයක් හිමි වීම සැබැවින්ම පුදුම සහගත වේ. මෙරට නිෂ්පාදිත ‌මෙ‌ම ජෛව වෛද්‍ය (Biomedical) විද්‍යාත්මක නිමැවුම සිදු කරනු ලබන්නේ Jendo නව නිපැයුම් ආයතනය විසිනි. ඇමරිකානු එක්සත් ජනපදයෙන් පේටන්ට් බලපත්‍රයක් හිමි කරගැනීමට හැකි වී තිබෙනවා.

දිගුකාලීන විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය කර ඇති Jendo නම් මෙම තාක්ෂණික නිපැයුමෙන්, හදවත සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රීත රෝග පෙර හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවයි මෙහි නිර්මාතෘවරුන් පවසන්නේ.

වසර ගණනක පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස මෙම නිපැයුම මේ ආකාරයෙන් නිර්මාණය කර ඇත විවිධ පර්යේෂණ කරමින් ඔවුන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරපු නිසා මෙම නිර්මාණය රෝගීන් රැසකට ප්‍රයෝජනවත් වන නිමැවුමක් වේ ඒ අනුව මෙම නිමැවුම ඔස්සේ වකුගඩු රෝගීන් සඳහා, ආතරයිටීස් රෝගීන් සඳහා, දියවැඩියාව රෝගීන් සඳහා ආදී වශයෙන් රෝග ලෙස හඳුනා ගෙන ඒමේ හැකියාව මෙම උපකරණය සතු වනවා.

එමෙන්ම හදවත් හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනාගැනීමේ හැකියාවක් මේ සතු වනවා. මේ උපකරණය භාවිතා කිරීම පිළිබඳව හැඳින්වීමේදී මේ කරන්නේ මගින් අදාල පරීක්ළ පරීක්ෂණය සිදු කර ගැනීමේදී එම රෝගියා ඇඳේ දිගා වූ පසු ඔහුගේ ශරීරයට අදාළ සංවේදක සවි කිරීමෙන් පසු පසු විනාඩි 15ක කාලයක් ඇතුළත නම් පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ උපකරණය මගින් රෝගීන්ට සහන රැසක් සැලසීමට හැකි නිසා ඉදිරියේදී අපේ රටේ රෝගයෙන් සඳහන් සඳහන් එම උපකරණය භාවිතා කිරීමට අදාළ කටයුතු ඔවුන් විසින් සූදානම් කරගනයනු ලබයි . රටේ මෙවැනි දක්ෂයන් අතින් බිහි වූ මෙවැනි වටිනා නිර්මාණයන් ජීවිත බොහෝ රැසක් අනාගතයේදී ආරක්ෂා කර ගැනීමට උපකාරී වන බව නොඅනුමානය. මුළු මහත් ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා වටිනා නිර්මාණයක් සිදුකර ඔබ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය