Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ගෙදරදීම පිරිසදුව ගුණදායක ලෙස හදන්නට හැකි සුප් කැට

මිනිසාගේ වැරදි ආහාර රටාව නිසා මිනිසා ම අපහසුතාවයට පත් වී ඇත මේ නිසා විවිධ ලෙඩ රෝග ,ගණනාවකට මුහුණ දීමට අද සමාජයේ බොහෝ දෙනකුට සිදුවී ඇති අතර විවිධ රසකාරක කෘතිම ආහාර වර්ග වැඩි වශයෙන් ආහාරයට එක්කර ගන්නා නිසා සෞඛ්යමත් ආහාර රටාවකින් බොහෝ සේ දුරස් වී ඇත. වෙළඳපොලේ පවතින විවිධ කෘතීම රසකාරක කෘතිම ආහාර වර්ග සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත හා පෝෂණ ගුණයෙන් පිරිපුන් නොවන නිසාත් දේශීය ආහාර වර්ග වල තියෙන වටිනාකම පෙන්වාදීම දිනවන බොහෝසේ අප දකිනවා.

කටට රසට කන්නට කැමැති අය තමන් ගෙදරදි සාදන ආහාර වලටත් විවිධ දේ එකතු කරනු කනු ලබනවා මෙහිදී සුප් කැට භාවිතය විශේෂයෙන්ම දකින්නට පුළුවන්. නමුත් අප ආහාරයට එකතු කරන මේ කෘතිම සුප් කැට වෙනවට අපට ගෙදරදීම මෙවැනි සුප් කැටයක් සාදා ගැනීමට හැකිනම් කියා හැකි නම් ඒ අපේ ආහාර වල පෝෂණ ගුණයන් රසය දෙකම වැඩිකරගැනීමට වැඩි කරගැනීමට හැකියාව ලැබේ.

ඔබට ගෙදරදීම සුප් කැටයක් සාදා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම අමුද්‍රව්‍ය කිහිපයක් දැක ගැනීමට හැකි වේ හැකිවේ මෙහිදී ඔබට තක්කාලි පවුඩර්, වට්ටක්කා පවුඩර්, මුරුංගා පවුඩර්, ලුනු ආදිය මේ සඳහා අවශ්‍ය වේ . ඔබට අවශ්‍ය තක්කාලි පවුඩර් ගෙදරදීම ඔබට නිර්මාණය කර ගන්නට පුළුවන් මෙහිදීත් තක්කාලි ගෙඩි කිහිපයක් තම්බා එහි පිට පොත්ත අයින්කර අයින් කර සියුම්ව පෙති කපා හොඳින් විචරනය කරගැනීම සිදුකර ගත හැක මේ ආකාරයෙන් ඔබට වට්ටක්කා සහ මුරුන්ගා පවුඩර් ගෙදරදීම සාදා ගැනීමට හැකිවේ.

දන්නවා විදියට සුප් කැට වල අඩංගු ගම්මිරිස් කොත්තමල්ලි සුදුළූණු කරපිංචා ඉගුරු ඉගුරු ආදි සුළු ප්‍රමාණය වලින් ඔබ ගෙදරදී හදා ගන්නා සුප් කැටයකට ද භාවිතා කළ හැක. එමෙන්ම කහ කුඩු සහ මිරිස් කුඩු ද මෙයට එක් කළ ගත හැක. මේ අයුරින් ලබා ගත් අමුද්‍රව්‍ය සියල්ල සූරියකාන්ත තෙල් සමඟ මිශ්‍ර කොට තලපයක් සේ සාදා ගත යුතුය. ඉන් අනතුරුව එය තැටියක දමා ඔබට අවශ්‍ය ප්‍රමාණයට කැට කපා ගැනීම කළ හැක පසුව එය සෙල්සියස් අංශක 50 ක් පමණ උෂ්ණත්වයේ විනාඩි 45ක් පමණ බේත් කර ගතයුතු වේ.

ඒ ආකාරයෙන් හොඳින් බේත් උන සුප් කැට කැබලි වෙන් වෙන් වශයෙන් ගෙන ඇලුමිනියම් තෙල් කඩදාසි වල ඔතා තැබීමෙන් ඔබට මාස තුනක් වැනි කාලයක් මෙම සුප් කැට භාවිතා කිරීමට හැකි වේ. කිසිදු රසායනික ද්‍රව්‍යයක් ගෙතිම රසකාරකයක් නැතිව ඔබට මේ ආකාරයෙන් ගෙදරදීම පිරිසිදු ලෙස සොබාවික වයසකට සාදා ගැනීමට හැකිවේ ගුණයෙන් පරිපූර්ණ වන නිසා ඔබට කිසිම බියකින් තොරව ආහාරයට ගැනීමේ හැකියාව ඇත.