Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

එළිමහන් වටපිටාව හැඩ කරන්න උණබට වලින් නවාතැනක් හදන්න

උණ බට නිර්මාණ පිළිබඳ ලිපි රාශියක් මීට පෙර අපි ඔබව දැනුවත් කරන්න ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියල්ලන්ගෙන්ම පැහැදිලි වන්නේ උණ බට වලින් කොතරම් ප්‍රයෝජන අපිට ලබා ගත හැකිද යන්නයි. නිර්මාණශීලී විදියට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් උදාහරණ රාශියක් මේ උණ බට යොදා ගනිමින් අපට කරන්න හැකියාව තියෙනවා.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ ඔබ කිය උනන්දුව සහ නිර්මාණශීලී අදහස් පමණයි. සාම්ප්‍රදායික ලෙස හිතනවට වැඩිය අලුත් දේවල් වලට කැමති බොහෝ දෙනෙක් ඉන්නවා ඒ වගේ අයට හොඳ අදහස් අදහස් පෙළක් තමයි මේ . බොහෝවිට ගෙවත්තේ විශාල ඉඩකඩක් තියෙන පුළුවන් ඒ විශාල එළිමහනේ සමහර තැන් කිසිම කාර්යයක් සඳහා යොදාගන්න ගන්නැතුව නිකම්ම තියෙන්න පුළුවන් අන්න ඒ වගේ ස්ථානවලට ඔයාලට කරන්න පුළුවන් අපූරු දෙයක් තමයි මේ.

බොහෝ වෙලාවට ගෙයකට වෙලා ඉන්නවාට වඩා එළිමහනේ කාලය ගත කරන්න බොහෝ දෙනෙක් කැමති. ඒ වගේ අයට එළිමහනේ සුවසේ කාලය ගත කරන්නට හැකියාව තියෙන එළිමහන් නවාතැනක් ඔබට මේ උණ බට භාවිතා කරලා නිර්මාණය කරගන්න පුළුවන්. පොතක් පත්තරයක් කියවන්න, එළිමහනේ හවසට තේ වේලක් රස විඳින්න, ඔබගේ පවුලේ අය සමඟ කතා බහ කරමින් කාලය ගත කරන්න වගේ අවස්තාවලට මට මේ එළිමහන් නවාතැන භාවිත කරන්න පුළුවන්,

ඉතිං ඔබට උණ බට භාවිතා කරලා ඔබට හැකි අයුරින් පහත ඡායාරූප වල ආකාරයට එළිමහනේ ඉඩ ඇති ස්ථානයක මේ වගේ පුංචි නවාතැනක් සකසා ගන්න පුළුවන්. එය ඔබගේ ගෙවත්තේ ට අපූරු අලංකාරයක් ගෙන එන දානයක් විදිහටත් පෙන්වා දෙන්නට පුළුවන්. ඔබට පට්ට පහසුවෙන් සොයාගන්නට හැකි නම් මේ වගේ අලුත් දේවල් නිර්මාණය කරල බලන්න ඒ ඔබගේ වටපිටාවට නවමු අත්දැකීමක් වගේම බොහෝ දෙනා කතාබහට ලක් කරන අගය කරන වටිනා නිර්මාණයක් වේවි

01

02

03

04

05

06

07

08

09

10

11