Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වියළි මල් කොළ ඒකතු කරලා ලස්සන බිත්ති සැරසිලි හදන්නේ මෙහෙමයි

පාසල් යන කාලයේ විවිධ ක්‍රියාකාරකම් සදහා වේලුනු මල් ජාති කොළ වර්ග පාසලට ගෙන එන්නට යැයි ගුරුවරුන් පසනවා. මේ නිසාම පරණ පොතක් ඇතුලේ, පත්තර පිටු තුළ අපි ස්භාවික මල් හා ශාක පත්‍ර වියළිම සදහා දමා තිබෙනවා. මේ වියලුනු මල් හා ශාක පත්‍ර භාවිතා කරමින් විවිධ නිර්මාණයන් සිදු කිරීම අපි කුඩා කාලයේ ඔනෑ තරම් සිදු කර ඇත.

ඔබටත් කුඩා දරුවෙකුට වුවත් ගෙදර ඉදලා කරන්නට හැති නිර්මාණශිලි වියළි මල් හා ශාක පත්‍ර එකතු කරන ඔයාගේ ගේ ඇතුලේ ලස්සන බිත්ති සැරසිලි නිර්මාණය රක ගන්න පුළුවන්. රාමුවක් ඇතුලේ සිතුවමක් තිබෙනවාට වඩා ස්භාවික වියළි මල් හා ශාක පත්‍ර වලින් එම බිත්ති සැරසිල්ලට ලැබෙන්‌නේ වෙනස්ම වු හැඩයක් හා අලංකාරයකි.

මල් හා ශාක පත්‍ර වියළි ගැනීම ඔබට පහසුවෙන් කර ගන්නට හැකි දේයක් වේ. ලී වලින් හරි කාඩ්බෝඩ් වලින් හරි ඔබට රාමුවක් සකස ගෙන ඒ තුළ මෙම වියළි මල් හා ශාක පත්‍ර යොදා ගනිමින් අදාළ සැරසිල්ල සකස් කර ගත හැක. මේවා ඇළ වීම සදහා ඔබට කාඩ්බෝඩ් වැනි ඝනකම් දේයක් හෝ වීදුරු ඵලකයක් මත හෝ මෙව් සීරුවෙන් ඇලවිය හැක.

මේ වියළි මල් හා ශාක පත්‍ර වලින් ක්‍රියාකාරකම් කරන විට ඉතා සීරුවෙන් එය කළ යුතු වේ. ඊට හේතුව වන්නේ හොදින් වියළි ඇති නිසා ඉක්මනින් ඒවා කැඩි යාමට හැකි බැවිනි. කුඩා දරුවන්ට වුවත් ඔවුන්ගේ අත හුරු කරවීම සදහා මෙවැනි සියුම් නිර්මාණයන් කිරීමට අවස්ථාව ලබා දීම ඔවුන්ගේ නිර්මාණශිලිත්වය වර්ධන කරන්නට උදව්වක් වේ.

01

02

03

04

05

06

07

08

09

10

11

12