Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පිළිකා රෝගය පරදා අභ්‍යවකාශයට යන ධෛර්යසම්පන්න වෛද්‍ය සහයිකාව

වර්තමානය වන විට අභ්‍යවකාශ තරණය පිළිබඳ නොයෙක් ආකාරයෙන් පුද්ගලයන් කතාබහ කරන්න පටන් අරන් තියෙනවා.අභ්‍යවකාශ තරණය පිළිබඳ කතා කරද්දී මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයේ ඉන්න රටවල් තමයි ඇමරිකාව,ජපානය,චීනය කියන ලෝකයේ බලවත්ම රාජ්‍යයන් කීපය.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ජීවිතයට කොතරම් බාධක ආවත් තමන්ගේ සිහිනය සැබෑකර ගනිමින් අභ්‍යවකාශ තරණයට සුදුසුකම් ලැබූ ළාබාලතම ඇමරිකානු ජාතික කාන්තාව පිළිබඳවයි.

ඇය නමින් විසි නව හැවිරිදි හේලි ආර්සෙනෝව් වේ.මේ වන විට ඇය පිළිබඳව නොයෙක් ආකාරයෙන් ඇමරිකාවේ කතාබහට ලක්වෙනවා .එයට ප්‍රධානම හේතුව තමයි හේලි ගත කරන්නේ නම් සුන්දර ළමා කාලයක් නොවීමයි.

ඇය කුඩා කාලයේදීම  ලෝකයේ දරුණුතම රෝග වන පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා .ඇය කුඩා කාලයේම අස්ථි පිළිකාවකින් පෙළෙන පුද්ගලයෙක් බව වෛද්‍ය වාර්තා අනුව ඔවුන් දැන ගන්නවා .වයස අවුරුදු 10 සම්පූර්ණ වූ විගස ඇය ශාන්ත ජූඩ් රෝහලේ පිළිකා රෝගියකු ලෙස ප්‍රතිකාර ලබන්න නේවාසික  වෙනවා. ඉතින් ඇගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කල වෛද්‍යවරු කිමෝතෙරපි ප්‍රතිකාරය කරන අවස්ථාවන් වල දී ඇගේ පාදවල අස්ථි  අයින්කර  ඒ වෙනුවට කෘතිම අස්ථි යෙදීම සිදු කළා.එසේ ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල හේලි හොඳින් ඉගෙනීම් කටයුතුවල නිතර  වූ අතර මේ වන විට ඇය කුඩා කල පිලිකා රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබාගත් රෝහලේම  සේවයේ යෙදන්න තරම් වාසනාවන්තියක් වුණා.

ඉතින් ඇයට අභ්‍යවකාශ ගත වීම සඳහා අවස්ථාව හිමි වන්නේ  ඊලෝන් මක්ස් නැමැති එම ව්‍යාපාරිකයා විසින් බිහිකළ  ස්පේස් එක්ස් සමාගම නිෂ්පාදනය කළ falcon9 රොකට්ටුව මේ වසර අවසානයේදී අභ්‍යවකාශයට රැගෙන යාමට සූදානම් වීම නිසාය . මේ යානයේ අණදෙන පුද්ගලයන් ලෙස ක්‍රියා කරන්නේ 38 හැවිරිදි ප්‍රකෝටිපති ජාඩ් අයිසාක්මන් නැමැති පුද්ගලයා.ඉතින් ඔහුගේ අභ්‍යවකාශ යානයේ ඇති ආසන හතරින් එකක් ඇය වෙනුවෙන් වෙන් කරන්න ඔහු තීරණය කරනවා

වෙනත් කාල සීමාවක නම් කෘතිම පාද අස්ථි ආදී දේවල් වලින් සමන්විත වූ පුද්ගලයකුට නාසා ගගනගාමියෙකු ලෙස  ලෙස අභ්‍යවකාශයට යන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ .නමුත් මෑත වසරවලදී පුද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් ප්‍රසිද්ධ වීම නිසා මේ අවස්ථාව ඇයට හිමි වුණා කියලා ඇය සතුටින් ප්‍රකාශ කරනවා. ඇයට මේ අභ්‍යවකාශ ගමන සඳහා ඇය තෝරා ගත් බව  දැනුම් දුන් දුරකථන ඇමතුම ඇය කිසිසේත් අපේක්ෂා කළ ඇමතුමක් නොවන බව  සඳහන් සදහන් කරා.ඇගෙන් මේ ගමන සඳහා ඇය කැමැති දැයි අසන අවස්ථාවේ ඇය එකහෙළාම  ඇගේ සතුට සහ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

ඉතින් මේ ගමනට සූදානම් වන හේලි දැනටමත් පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වෙලා ඉන්නවා කියලා ආරංචියි.ඒ වගේම ඇය සිය අභ්‍යවකාශ ඇඳුමින් සැරසී ඒ පිළිබඳ වැඩිදුර අවබෝධය ලබාගන්නටත් මේ වෙද්දි කටයුතු කරනවා. ඇය මේ ගමන පිළිබඳ තැතිගැන්මකින් නැති බවත් මේ මෙහෙයුමේ සෑම අංශයකම නිරත වෙලා ඉන්න විශිෂ්ට ඉංජිනේරුවන් සමග ඇය නිරන්තරයෙන්ම කතාබහ කරනවා කියලා සඳහන් කරනවා .

ඉතින් පිළිකා රෝගයකට මුහුණ දුන් ඇයට අභ්‍යවකාශ ගමන කියන්නේ එතරම් බැරෑරුම් දෙයක් නොවන බවයි සඳහන් කරන්නේ.කෙසේ නමුත් සියලු දේ පරදා ඇය ඇයගේ වෘත්තීය ජීවිතය ජයග්‍රහණය කළ නිසා ඇයට මෙවැනි අවස්ථාවක් හිමි වූ බව ඇය තරයේ විශ්වාස කරනවා . ඉතින් මේ අපූරු ධෛර්යසම්පන්න කාන්තාව සූදානම් වෙන්නේ අභ්‍යවකාශ ගමන සාර්ථක ලෙස අවසන් කිරීමට ශක්තිය  ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies