Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශ්‍රී ලංකාවේ ලාබාලතම ආචාර්ය උපාධිධාරිණිය වූ අපූරු දහම් පාසල් ගුරුවරිය

අපි හැමෝටම හීන තියෙනවා.ඉතින් ඒ හීන කවදහරි දවසක හැබෑ කර ගැනීම තමයි ජීවිතය කියලා කියන්නේ.මේ හීන හැබෑ කරගන්න යද්දී නොයෙක් ආකාරයේ අභියෝගයන්ට නොයෙක් ආකාරයේ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.නමුත් කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් මේ මුහුණ දෙන සියලුම අභියෝගතාවයන් නොසලකා ඉදිරියට යාම තමයි සාර්ථකත්වය කියන්නේ.

ඉතින් තමන්ගේ හීන පසුපස ගමන් කොට ඒ හීන හැබෑවක් බවට පත් කරගත් හරි අපූරු තරුණියක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ.අනෙක් කිසිදු කරුණක් බාධාවක් නොකර ගත් ඇය අධ්‍යාපනය අවියක් කර ගනිමින් ඉලක්ක කරා හඹා ගිය ධෛර්යසම්පන්න තරුණියක් කිව්වොත් වඩාත් නිවැරදියි .

ඇය ගැන අපූර්වත්වයෙන් කතා කරන්න ප්‍රධානම හේතුව වන්නේ ඇය වයස අවුරුදු 24 වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ලාබාලතම ආචාර්ය උපාධිධාරිණිය විදිහට ඉතිහාසගත වීමයි .

ඇය නමින් ආචාර්ය බුද්ධිමා සුබසිංහ වේ .ඇය මේ වන විට ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව  ආයතනයේ පරිගණක අංශ ප්‍රධානී ලෙස කටයුතු කරයි .පාසල් අධ්‍යාපනය හැදෑරීම සඳහා විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලට  ඇතුළත් වන ඇය  ඇය පාසල් වැඩකටයුතු වලට නිරන්තරයෙන්ම දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවක් බවට පත්වුණා .

ඇගේ මව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියාව කළ අතර පියා ශ්‍රී ලංකා රේගුවේ රැකියාවක නිරත වුණා.ඇයට මුලින්ම ඉගෙන ගැනීමට සිද්ධ  වෙන්නේ තමන්ට වඩා වයසින් වැඩි පුද්ගලයන් සමගයි .තමන්ගේ වයසට වඩා බුද්ධි කරුණු ඉගෙන ගැනීමට ඇයට මුලින්ම ගොඩක් අපහසු වුණා.නමුත් ක්‍රමයෙන් ඒ දේවල් හොඳින් හැදෑරුවා ට පස්සේ පාසලේ දෙවන වසරේ අවසන් වන විට  ඇය කැපී පෙනෙන ශිෂ්‍යයාවක් බවට පත්වුණා .

පසුව ඇය හොඳින් අධ්‍යාපනය ලැබීමට තීරණය කරන අතර ඇගේ දක්ෂතා කුසලතා හේතුවෙන්ම ඉහළ පන්තියකට ඇතුළත් වීමට ඇයට අවස්ථාවක් උදාවුණා .මේ නිසාම වයස අවුරුදු 13 දී සාමාන්‍ය පෙළ විභාගයටත් වයස අවුරුදු පහළොවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ආචාර බුද්දිමා සුභසිංහට හැකියාව ලැබුණා .

ඉන් නොනැවතුණු ඇය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණයට අදාල උපාධි දෙකක් වයස අවුරුදු 19 වන විට ලබාගෙන අවසන් .ඒ සදහා ඇය තෝරාගන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් සහ කර්ටින් විශ්වවිද්‍යාලයයි.ඉන් අනතුරුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ඇය 2017 වර්ෂයේ දී පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී සිය ආචාර්ය උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුණා 

ඉතින් ඇය පශ්චාත් උපාධිය කිරීමට තීරණය කරන්නේ ලංකාවේ ළාබාලම ආචාර්ය උපාධිධාරිණිය වෙනවා යන චේතනාව මතයි.මේ නිසාම ඇය එයට අවශ්‍ය සියලු පරීක්ෂණ කටයුතු හොඳින් සිදු කල අතර හොඳම පරීක්ෂණ පත්‍රිකාවට හිමි සම්මානයත් ඇරගෙන තිබුණා.මේ නිසාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය කිරීමට ඇයට අවස්ථාව උදාවුණා .

 ඇය ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව දේශය  හා ජාත්‍යන්තර විද්‍යාත්මක සැසි වල දී සිය පරීක්ෂණ පත්‍රිකා රැසක් එළිදක්වන්න තීරණය කරනවා.නිරන්තරයෙන් ම තමන් ඉගෙන ගත් දෙයින් දරුවන්ට යම් යම්කිසි සේවයක් කළ යුතුය යන්න චේතනාව මත ඇය දහම් පාසල් ගුරුවරියක් වශයෙන් වසර දාහතරක් පුරා දහම් පාසල් ළමුන්ට ඉගැන්වූ බව සඳහන්.

මේ වන විට ඇගේ දක්ෂතාවයන් සහ කුසලතාවයන් හේතුවෙන් ම දෙස් විදෙස් සම්මානයන්ගෙන් සහ ඇගයීම් වලින් පිදුම් ලැබීමට තරම් වාසනාවන්තියක් වුණ.ඉතින් ඇය මේ ආකාරයෙන් ජයග්‍රහණ සියල්ලම ලබා ගත්තේ ඉතා කෙටි කාලයක් තුළයි .එසේ නම් තමන්ට සිහිනයක් ඇත්නම් එය හඹා යෑමට වයස ප්‍රශ්නයක් නොමැත යන්න ඇය නිරන්තරයෙන්ම අපි සියලු දෙනාටම ඔප්පු කර අවසන්ය.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies