Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

නව දුරකථන මෘදුකාංගයක් හදුන්වාදෙමින් ආබාධිත දරුවන්ට පිහිට වූ අපූරු කාන්තාව

වර්තමානය වන විට සියළුම රටවල් වල විවිධ ආකාරයේ ආබාධයන්ට ලක්වූ දරු දැරියන් සිටිනවා.ඉතින් මේ ආබාධිත පුද්ගලයනුත් සමාජයේ ජීවත්වන අනිත් පුද්ගලයන් හා සමානයි.ඔවුන්ටත් ඒ හා සමානම අයිතිවාසිකම් ලැබිය යුතුයි යන්න බොහෝ දෙනෙක් හිතනවා.

ඉතින් ඒ ආකාරයෙන් ආබාධිත දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා දිවා රෑ නොතකා ක්‍රියා කල හරි අපූරු සම්මානනීය කාන්තාවක් පිළිබඳව තමයි අපි ඔබට කියන්නේ .ඇය නමින් ක්‍රිස්ටල් රිඩ් නැමැත කාන්තාවයි .

ඔවුන් මේ වන විට”එනෙබල් ලංකා” නැමැති පදනමක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ආබාධිත තත්ත්වයේ පසූවෙන සියළුම පුද්ගලයන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ම ක්‍රියාත්මක කර තිබේ.මෙවැනි ආකාරයේ වැඩසටහන් ඔවුන් වසර දෙක තුනක කාලයක පටන් ක්‍රියාත්මක කරනවා  කියලා තමයි ආරංචි වෙන්නේ . 

ඉතින් ඇගේ සහයට ජනිත් රුක්මාල් නැමැති  පුද්ගලයකු මේ පදනම සමග එකතුවෙලා වැඩකටයුතු කරනවා කියලා සඳහන් කරනවා.ඇගේ පදනම හරහා ආබාධිත දරුවන්ට ඉටු වූ සේවයන් අතර ආබාධිත තත්ත්වයේ පසුවන  පුද්ගලයන්ට අවශ්‍ය උපාංග ලබාදීම ප්‍රධාන වේ .

ඉන් නොනැවතුන ඔවුන් එදිනෙදා ජීවිතයේදී සමාජයේ ජීවත් විය යුතු ආකාරය ඒ වගේම සමාජය පවතින අභියෝග තත්වයන් වලට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් මේ ආබාධ තත්ත්වයේ  පසුවන පුද්ගලයන් දිරිමත් කරන බව  සඳහන් 

2015 වසරේ දී ඇය ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් හරි අපූරු වරප්‍රසාදයක් ලබාදෙන්න පුරෝගාමී වෙලා කටයුතු කරනවා.සියලුම දෙනාට  සර්වජන ඡන්ද බලය හිමි වූ කාල සීමාවක ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ද ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරවීමට 2015 මහ  මැතිවරණ සමයේදී මැතිවරණ  ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ  මධ්‍යස්ථානයේ ද සහය ඇතිව ඇය මූලික පියවර තබනවා .

එය ආකාරයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලික මග පෙන්වීම සහ ප්‍රධානත්වය මත ආබාධ සහිත තත්ත්වයේ පසුවන පුද්ගලයන්ට ද ඡන්ද බලය ප්‍රකාශ කිරීමට හැකි ක්‍රමවේදයක් සහ විශේෂිත පහසුකම් සැපයීමට ක්‍රියා කර ඇත .ඒ සඳහා මූලික වූයේ ඇගේ පදනම බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි .

මීට පෙර ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අයිතියක් ලෙස රජය විසින් තේරුම් ගත්තත් ඒ නීති කිසිවිටෙකත් නිසිලෙස ක්‍රියාත්මක නොවූ අවධියක ඇය මේ පිළිබඳව තීරණයක් ගත් නිසා එය සාර්ථක වූ බව සඳහන් කරනවා .

ඉන් අනතුරුව  LISN පෙරලිය නමින් ව්‍යාපෘතියක් දියත් කරමින් ඇය   විශ්වවිද්‍යාල සිසුන්ට  තොරතුරු දැනගැනීම සඳහා ඇති බාධා අවම කිරීම උදෙසා ජංගම දුරකථන  මෘදුකාංගයක් හඳුන්වා දෙනවා 

ඉතාමත් දුෂ්කර පළාත්වල සිට අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත පැමිණ සිටින මේ ආබාධිත ශිෂ්‍යයන්ට ජංගම දුරකථනයක් ලබාදීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වුණා කියලා ඇය සඳහන් කරනවා.නමුත් මේ ව්‍යාපෘතියට samsung සමාගම කොටස් කරුවකු වශයෙන් දායක කරගත් නිසා ජංගම දුරකථන ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ 

ඇය ආබාධිත දරුවන් වෙනුවෙන් කරන්නා වූ මේ සමාජ මෙහෙවර  නිසා ම පොදු රාජ්‍ය මණ්ඩලයේ “හොඳම තරුණිය ” යන විරුදාවලියෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්තියක් වනවා .ඉතින් මේ සම්මානය ලබාගත් පළමු ශ්‍රී ලාංකික  තරුණිය විදිහට ඇය ඉතිහාසගත වෙනවා.

මේ නිසා  තවදුරටත් ආබාධිත දරුවන් වෙනුවෙන් ක්‍රියා කිරීමට මූල්‍ය ප්‍රතිපාදනයක්ද පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් ඇයට ලැබී ඇත.

අදටත් හෙටටත්  තමන්ගේ ජීවිත කාලයම ආබාධිත දරුවන් වෙනුවෙන් කැප කරන බව මේ අපූරු දිරිය කාන්තාව පසක් කරන්නේ මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකමක් වන බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරමින්.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies