Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පරිසර හිතකාමී හිස් ආවරණයක් ඇතුළු නව නිෂ්පාදන රාශියක් හඳුන්වාදුන්

වර්තමානයේ බොහෝ රටවල් වල සිදුවෙන්න වූ පරිසර දූෂණය නිසා ම ගොඩක් දෙනෙක් ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කරන්න තීරණය කළා තියෙනවා.ඉතින් බොහෝ රටවල් එය නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරනවා.ශ්‍රී ලංකාව තුළත් මේ කාලසීමාවේදී රජය දැනුම් දෙනවා යළි  නොදිරන පොලිතින් සහ ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීම සීමා කරනවා කියලා 

ඉතින් මෙන්න මේ කාරණා නිසා ශ්‍රී ලාංකිකයන් පොලිතින් සහ ප්ලාස්ටික් වෙනුවට විකල්ප  භාවිතයන් පිළිබඳව වැඩිවශයෙන් වෙනදටත් වඩා සැලකිල්ලක් දක්වනවා.පරිසර හිතකාමී නිෂ්පාදන වලට ජනතාව එකවරම පෙළඹීමක්  සිදුනොවුණත් ටිකෙන් ටික හෝ එය භාවිතා කළහොත් එයින් පරිසරයට සිදු වන සේවය නම් නිම කරන්නට බැහැ. ඉතින් මේ ආකාරයෙන් සිතා පරිසර හිතකාමී නිෂ්පාදන රාශියක් ම දායාද කරපු හරි අපුරු සමාගමක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. coir creation  නැමැති මේ අපූරු සමාගම පරිසර හිතකාමී නිෂ්පාදන කීපයක් ම  පසුගිය කාල සීමාවේදී හඳුන්වා දෙනවා 

ඔවුන් හඳුන්වා දෙන නිෂ්පාදනයන් අතර පරිසර හිතකාමි හිස් ආවරණය ප්‍රධාන වෙනවා.ඉතින් මේ අපූරු හිස් ආවරණය නිර්මාණය කරලා තියෙන්නේ සියයට සීයක්ම ස්වභාවික පොල්කොහු භාවිතා කරලා .ඉතින් ඔවුන් සඳහන් කරන ආකාරයට කෘතිම ද්‍රව්‍ය යොදා සකස් කරන හිස් ආවරණ වලට වඩා හිසට සහනයක් මෙන්ම සිසිලසක් ද මේ හිස් ආවරණ මගින් ලැබෙනවා කියලයි .

ඒ වගේම මෙය ඉතාමත් හොඳ ශක්තිමත්  හිස් ආවරණයක් බවත්  පිටරටින් ආනයනය කර  බෙදාහරින කෘතිම හිස් ආවරණ වලට වඩා සෞඛ්‍යයටත් හිතකර නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන් කියලා coir creation  පෞද්ගලික ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා .

ඉතින් මේ වන විට මේ හිස් ආවරණය බොහෝ ප්‍රදේශවලට බෙදා හරින්නන් ඔවුන් කටයුතු කරන අතර මෙය ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගැනීමේ අවකාශය මේ වන විට ඔවුන් විසින්  ලබාදී ඇති බවත් සඳහන් කරනවා. ඉන් අනතුරුව ඔවුන් විසින් හඳුන්වාදෙන ඊළඟ අපූරු නිමැවුම තමයි වහලවල් සදහා යොදා ගත හැකි corrugated coir fiber roofing sheet නැමැති නිෂ්පාදනය.මෙය වහලවල් ආවරණය කිරීම සඳහා ඇස්බැස්ටෝස් වෙනුවට යොදාගතහැකි කොහු කෙඳි ආශ්‍රයෙන් නිපදවූ  roofing sheet එකකි.

ඉතින් මේ අපූරු නිෂ්පාදනයත් ශක්තිමත් භාවයෙන් වැඩි අතර නිරන්තරයෙන්ම සිසිලසක් මෙන්ම හිරුගේ අධික රශ්මිය පාලනය කිරීමටත් අපූරු හැකියාවක් ඇති නිෂ්පාදනයකි.ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු මගින් ඇතිවෙන්නා වූ විවිධ සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට සුදුසුම උපක්‍රමයක් ලෙස මේ අපූරු පරිසර හිතකාමී නිෂ්පාදනය යොදා ගැනීම   හැකි බව මේ සමාගම තවදුරටත් සඳහන් කරනවා.

ඉතින් ඔවුන් පවසන ආකාරයට ඔවුන්ගේ මූලික ම දැක්ම වන්නේ පරිසර හිතකාමී නිෂ්පාදනයන් තුළින් ජනතාවට හොඳම දේ ලබා දී පරිසරයට  සිදුවන්නා වූ විවිධ හානිකර තත්වයන්  අවම කිරීමයි. ඒ චේතනාවෙන් තමයි මේ අපූරු නිෂ්පාදන පෙළ ඔවුන් වෙළඳ පොළට හඳුන්වා දෙන තීරණය කරන්නේ. මේ සමාගමේ කළමණාකාර තුමා වන අධ්‍යක්ෂ සී.ජේ ගමගේ මහතා සහ කණ්ඩායම් ප්‍රධානී කාව්‍යා යන මහත්ම මහත්මීන් විසින් මේ අපූරු පරිසර හිතකාමී නිෂ්පාදනයන් පෙළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිළිගන්වා .

ඉතින් වැඩිදුරටත් මේ සමාගම පවසන්නේ දේශීය කර්මාන්තකරුවන් නිපදවන්නා වූ මෙවැනි ආකාරයේ නිෂ්පාදයන් විදේශීය වෙළෙඳපොළ කරා ගෙන යෑමේ වගකීම රජය සතු බවයි.ඉදිරියේදී එවැනි වැඩපිළිවෙළක් රජය මඟින් බලාපොරොත්තු වෙන බවත් ඒ සඳහා  සමාගමක් වශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් ඔවුන් වැඩි වැඩිදුරටත් සඳහන් කරනවා.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies