Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අවුරුදු නමයේදී ලොව වැඩිම ආදායමක් ඉපයූ යුටියුබර් බවට පත්වූ කුඩා දරුවා

වර්තමානය වන විට දිනෙන් දිනම තාක්ෂණය දියුණුවට පත්වෙනවාත් සමගම නොයෙකුත් ආකාරයේ නව සොයාගැනීම් මෙන්ම තාක්ෂණික අංශයේ  නව සොයාගැනීම් ද දිනෙන් දිනම අසන්නටත් දකින්නටත් ලැබෙනවා. ඒ වගේම තමයි තාක්ෂණික දියුණුවත් සමගම මිනිසුන් මුදල් උපයන්න විවිධ ක්‍රම හොයාගෙන තියෙනවා.ඒ අතරින් අන්තර්ජාලය භාවිතා කර මුදල් උපයන ක්‍රම වර්තමානය වනවිට සමාජයේ ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඉතිං අන්තර්ජාලය ගැන කතා කරද්දි  යූටියුබ් එක කියලා කියන්නේ අපි කව්රුත් දන්න කියන ජාලයක්.ඉතින් දවසකට දස දහස් ගණන් විවිධ වීඩියෝ ද මෙම යූ ටියුබ් එක හරහා ප්‍රචාරය වෙනවා

මෙහිදී වැඩිම පිරිසක් නරඹන යූටියුබ් වීඩියෝ වලට ආදායමක්ද ලබාගන්න පුළුවන්.ඉතින් මෙන්න මේ හේතුව උපයෝගී කරගෙන 2020 වසරේ වැඩිම ගෙවීමක් කරපු යුටියුබර් විදියට පත් වෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා කුඩා දරුවෙකුට.ඉතින් අපි අද කියන්න යන්නේ ඔහු ගැනයි. ඔහු නමින් රයින් කාජී වේ.ඔහුට වයස අවුරුදු නමයක් පමණ ගත වන විට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා ඩොලර් මිලියන ගණනින් ආදායම් ලැබෙන රැකියාවක නිරත වෙන්න.

රයින්ගේ රැකියාවේ ස්වභාවය

කෙනෙක්ට හිතෙන්න පුළුවන් කුඩා දරුවෙක් කොහොමද මේ තරම් පොඩි වයසකින් රැකියාවක නිරත වෙන්නේ කියලා. ඇත්තම කියනවා නම්  මේ වන විට මොහු මේ රැකියාව මගින් විශාල ප්‍රමාණයේ ආදායමක් සොයාගෙන අවසන්. යූ ටියුබ් එක හරහා වීඩියෝ නිකුත් කිරීම තමයි මොහුගේ රැකියාව බවට පත් වෙලා තියෙන්නෙ.ඉතින් මොහුට මෙම යූටියුබ් රැකියාව සඳහා  අවතීර්ණ වෙන්න හැකියාව ලැබෙන්නේ ඔහුගේ මව නිසයි . දවසක් පුංචි රයන් අම්මගෙන් අහනවලු   අනෙක් මිනිසුන් යූටියුබ් එකේ වීඩියෝ කරන්නත් තමන් යූටියුබ් එකේ නැති වෙන්නත් හේතුව මොකක්ද කියලා.වගේම ඔහු දිගින් දිගටම මවට ඇවිටිලි කරනවා යූටියුබ් එකේ තමන්ගෙ රූපයක් දාන්න ඕනේ කියලා.

ඉතින් මේ හේතුව නිසාම ඇගේ මව ඇගේ කුඩා දරුවා සමග සිටින වීඩියෝවක් යූටියුබ් එකට මුදාහරිනවා.මේ වීඩියෝවට විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයකගෙන් ප්‍රතිචාර සහ අදහස් ලැබෙන නිසා   ඇගේ මව කරේ තව තව වීඩියෝ නිර්මාණය කරන්න පටන් ගත්ත එක. මෙම ක්‍රියාවලිය ඉතා සාර්ථක අන්දමින් වර්ධනය වන නිසා ඇගේ මව රසායනික විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරපු වෘත්තියෙන් අයින් වෙලා පූර්ණකාලීනව වීඩියෝ නිපදවීම සඳහා අවධානය යොමු කරනවා.

Ryan kaji තම ප්‍රථම වීඩියෝ පටය නිකුත් කරන්නේ 2016 දී ය.මේ කාලසීමාව වන විට ඔහුට අවුරුදු පහ සම්පූර්ණ වූවා පමණයි.මෙම වීඩියෝ වල අන්තර්ගත වන ඔවුන්ගේ ක්‍රියාකාරකම්, සරල ක්‍රීඩා ,ඔවුන්ගේ සෙල්ලම් බඩු ,ඔවුන් කතා කරන ආකාරය නිරන්තරයෙන්ම රසවිඳින්න ප්‍රේක්ෂකයා ඔවුන් වටා එක් රොක් වුණා .ඔහුගේ මෙම වීඩියෝ සංදර්ශනය සඳහා කුඩා නැඟණියන් දෙදෙනා ද මේ වන විට සහභාගි වෙනවා .

ගමන් මගේ සාර්ථකත්වය 

මෙලෙස ආරම්භ කරපු පුංචි වැඩේ බලන් ඉද්දී දිනෙන්  දිනම වැඩි දියුණු වුනා. මෙම වීඩියෝ නිර්මාණ කිරීමේ උච්චතම අවස්ථාව එහෙමත් නැත්නම් හොඳම කාල සීමාව උනේ වුනේ 2020 අවුරුද්ද. එයට හේතුව තමයි පුංචි රයින්ට හැකියාවක් ලැබුණා පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට ඔහුගේ යූ ටියුබ් චැනලය ස්බ්ස්ක්‍රයිබ්  කළ පිරිස මිලියන 27 දක්වා වැඩි කිරීමට. ඒ වගේම බිලියන 2 කට අධික නැරඹුම් වාර ගන්නක් තමන්ගේ වීඩියෝවකට ලබාගන්න මොහුට හැකියාව ලැබුණා. එම නිසා නිසාම ඔහුට පුළුවන් වුණා වැඩිම පිරිසක් නැරඹූ youtube channel 60 අතරට එක්වීමට.

එතැනින් නොනවතින මොහු වීඩියෝ පට නැරඹූ පිරිස බිලියන 43 ක් දක්වා වැඩි දියුණු කර  ගැනීමට හැකියාවක් ලබා ගන්නේ you tube ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබමින්. මේ වන විට ඔහු youtube වීඩියෝ මගින් ඉපයු ආදායම  ඩොලර් මිලියන 24.5 ක් බවට පත්වී ඇත .

විවිධ ආයතනවල සන්නාමයන් සහිත ක්‍රීඩා භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඔහු මේ වන විටත් විවිධ ආයතන සමඟ  ගිවිසුම් ඇතිකර ඇති අතර දිනෙන් දින දියුණුවෙන් ඉහලට යන මොහු 2020 වර්ෂයේ දී ලොව වැඩිපුරම සල්ලි හොයපු යූටියුබ් පෙරළිකාරයා බවට පත්වී අවසන්.

M.ශෂිකලා මදුෂානි 
B.A in Communication Studies