Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

තරුණයන් තුන්දෙනෙකුගේ සංකල්පයෙන් බිහිවූ යු ටියුබ් ජාලයේ අපූරු කතාව

යූ ටියුබ් කියලා කියන්නේ වර්තමානයේ වන විට තරුණ ප්‍රජාව මෙන්ම බාල මහලු සියලු දෙනා අතර එක සේ ප්‍රසිද්ධියට පත්වූ පත් වූ මාධ්‍ය ජාලයක් කිව්වොත් නිවැරදියි .ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ මේ අපූරු සමාගම ලොවට බිහිවූ ආකාරය   පිළිබඳවයි.

අපූරු මිතුරන් තිදෙනකු ගේ අලුත් සංකල්පය 

ඉතින් මේ youtube ජාලය ආරම්භ වෙන්න පටන් ගන්නේ අපූරු යහළුවන් තුන්දෙනෙක් නිසයි.ඔවුන් ස්ටීව් චෙන්,චැඩ් හර්ලී,ජාවෙඩ් කරීම් යන පුද්ගලයන් වේ.ඉතින් කලින් මේ තිදෙනාම  රැකියාව කරලා තියෙන්නේ paypal ආයතනයේ. ඉතින් මේ තිදෙනා අතරින් හර්ලි කියලා කියන්නේ පරිගණක සැලසුම් නිර්මාණය කිරීමෙහිලා ඉතා නිර්මාණාත්මක දක්ෂ චරිතයක්.ඒ වගේම ඔහු ඒ සම්බන්ධයෙන් ඉන්දියානා සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබු පුද්ගලයෙක්.

ඒ වගේම අනිත් දෙදෙනා පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ඉලිනොයිශ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් ලෙස හඳුන්වන්න පුළුවන්.ඉතින් paypal ආයතනයේ රැකියාව කරන අතරතුරදී තමයි මේ තිදෙනාම හොඳම මිතුරන් බවට පත්වෙන්නේ. ඉතින් මුලින්ම මේ යූටියුබ් සංකල්පය හිතට ඇවිල්ල තියෙන්නෙ ජාවෙඩ් කියන පුද්ගලයාට.ඉතින් ඔහු යම්කිසි වීඩියෝ දර්ශනයක් මිනිස්සුන්ට බැලීමට සුදුසු ආකාරයෙන් බෙදා හැරීමට හැකි ක්‍රමයක් පිළිබඳව  නිරන්තරයෙන්ම හිතුවා.

ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තිදෙනාගේම දායකත්වය මත වර්ෂ 2015 පෙබරවාරි 14 දින මේ අපූරු යූටියුබ් සමාගම ලොවට හඳුන්වා දෙන්නේ .ඉතින් මුලින්ම මොවුන් මේ ජාලය  හඳුන්වාදෙන්නේ මිනිසුන් එකිනෙකා  හඳුනාගැනීමට ඉඩ සැලැස්වූ සමාජ අඩවියක් ලෙසයි.

මුදාහැරි ප්‍රථම වීඩියෝව

මුලින්ම මිනිසුන් එකිනෙකා   හඳුනා ගන්නා සමාජ ජාලයක් ලෙස ප්‍රසිද්ධ වූ  මෙය වෙනස්ම ආකාරය ගමන් මගක් ලෙස වෙනස් කරන්න මූලිකම උනේ මේ ජාලයේ සම නිර්මාතෘවරයෙක් වන ජාවේඩ්. ඔහු  සතු පරිගණක දැනුම භාවිතා කරමින් youtube අඩවිය වෙත ඔහු විසින් me at the zoo හෙවත් ” සත්ත්ව උද්‍යානය අසල දී මම” ලෙස සඳහන් කළ වීඩියෝවක් නිකුත් කරනවා.

ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් 2015 අප්‍රේල් 24 වන දින නිකුත් කල මේ වීඩියෝව කෝටි 13ක පමණ ජනකායක් නරඹා ඇති බව ඔවුන් දැන ගන්නවා.එහි විකාශිත කාලය තප්පර 18ක් වන සීමිත පරාසයක වන අතර අද වන විටත් එය බොහෝ  දෙනා නරඹන වීඩියෝවක් බවට පත්වී අවසන්. ඉන්පසුව ඔහුගේ මේ වීඩියෝව්ස් මුදා හැරීමෙන් පසුව නැවතත් ඔහු තව අපූරු වීඩියෝවක් නිකුත් කරනවා.ඉතින් මේ වීඩියෝව youtube ඔස්සේ මුලින්ම මිලියනයක් දෙනා නැරඹූ වීඩියෝව ලෙස ඉතිහාසගත  ගත වුණා .

ප්‍රථමයෙන්ම බිලියනයක් නැරඹුම් වාර ලබාගත්  අවස්ථාව 

දවසෙන් දවස දියුණු කරමින් පවත්වාගෙන ගිය මේ youtube ජාලය ජනතාව අතර ද  නිරන්තරයෙන්ම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.මේ අතරතුර නැවතත් ගීත රචකයෙකු සහ නර්තන ශිල්පියෙක් වන පාක් ජේ සාන් විසින් මුදා හළ  ගංග්නම් ස්ටයිල් වීඩියෝව ද බිලියනයක් දෙනා නැරඹූ වීඩියෝවක් බවට පත්වෙනවා. ඉන් අනතුරුව 2013 සිට 2017 දක්වා බොහෝ දෙනා සුරතලයට ඇති කරවන බල්ලන් සහ බළලුන් ගේ ක්‍රියා ඇතුළත් වීඩියෝ දර්ශන මේ මාධ්‍ය ජාලයට නිකුත් කරන්න පටන් ගත්තා.

ඉතින් youtube ජාලය තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝවක් ලෙස “චාර්ලි බිට් මයි ෆින්ගර් යන වීඩියෝව ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.මේ වීඩියෝ ඇතුලත් වෙන්නේ කුඩා  ළමුන් දෙදෙනෙක් අතරින් අයියා මල්ලිගෙ කටට ඇඟිල්ලක් යොමු කළ පසු මල්ලි අයියගේ ඇඟිල්ල තදින් හපන දර්ශනයකි.ඉතින් මේ අපූරු වීඩියෝ දර්ශනය මිලියන 844ක පමණ ජනකායක් නරඹා ඇති බව සඳහන් වෙනවා .

ඉතින් වර්තමානය වන විට රට තුළ පවතින නොයෙක් තත්ත්වයන් මත අපිට දැකගන්නට පුළුවන් කාරණයක් තමා බොහෝ දෙනෙක් මේ යූටියුබ් මාධ්‍ය ජාලය   ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගෙන තිබීම.කෙසේ නමුත් හොඳම දේ ලෝකයට ලබා දීම  අරමුණු කරගනිමින් ලංකාවේ යහගුණය සහ කීර්ති නාමය ලෝ සුපතල කිරීම යූටියුබ් නාලිකාවන් මෙහෙයවන  සියලු දෙනාගේම ප්‍රධාන අරමුණ විය යුතුය .

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies