Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

යකඩ විකුණා ලොව ජයගත් යකඩ මිනිසා

යකඩ කියලා කියන්නේ වර්තමානය වන විට රත්තරන් හා සමානම වටිනා  අමුද්‍රව්‍යයක්.බොහෝ වෙලාවට එය රත්තරන් වලටත් වඩා වටිනාකමෙන් වැඩි වනුයේ යකඩ අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදනයන් නිසාය. ලෝකයේ විශාල පරිමාණ කර්මාන්ත ශාලා ලෙස පවත්වාගෙන යන මෝටර් රථ කර්මාන්තය,යකඩ හා වානේ කර්මාන්තය ,ආදී බොහෝ කර්මාන්තයන් වලට මූලිකම අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නෙත් මේ යකඩයි.

ඉතින් අපි අද ඔබට කියන්නේ යකඩ නිෂ්පාදනය කර ලොව ජයගත් හරි අපූරු ව්‍යාපාරිකයකු ගේ ජීවිත කතාවයි.ඔහු නමින් ලක්ෂ්මී මිත්තල් වේ.ලොව අංක එකේ යකඩ නිෂ්පාදනය සිදු කරන පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත්වුණු මොහු ගේ ජීවිත කතාව සුරංගනා කතාවක් වගේ නම් නෙවෙයි.

ලක්ශ්මී මිත්තල්

ලක්ශ්මී මිත්තල්  කියලා කියන්නේ ආර්සිලෝ මිත්තල්  සමූහ සමාගමේ ප්‍රධාන පුරුකයි .ඉතින් මොහු උපත ලබන්නේ ඉන්දියාවේ .ඉන්දියාව කියලා කියන්නේ කුල මල භේද ය ගොඩක් ඉහළින් පවතින රටක්.ඉතින් මිත්තල්  උපත ලබන්නේත්    බානියා නැමැති කුලයකට අයත් පවුලකින් ය. බානියා  නමැති පවුල් වල අය බොහෝ විට වෙළඳ අංශයේ බැංකු ක්ෂේත්රයේ එවගේම කුලුබඩු වෙලදාමේ ව්‍යාපාර  සිදුකරන සිදු කරන පුද්ගලයන්.එම නිසාම ව්‍යාපාරික පසුබිම මොහුගේ පවුලේන්ම මොහුට ලැබුණු නිසා මොහු  කල්කටාවේ දී පාසල් අධ්‍යාපනය ලබා උපාධිය දක්වා තමා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් ලබාගැනීම සඳහාය .ඔහු පාසල් අධ්‍යාපනයට පැමිණෙද්දී  ඇතුලත් වීමට ගිය පාසලෙන් ඔහු ප්‍රතික්ෂේප කරන්නේ,

ඔයා ඉංග්‍රීසි දන්නෙ නැති නිසා මේ පාසලට  බඳවා ගන්න නම් බැහැ

යනුවෙන් පැවසීමත් සමගය.නමුත් අවුරුද්දක් ඇතුළත ඉංග්‍රීසි කතා කරලා පෙන්වන්නම් යන අභියෝගය විදුහල්පතිට භාරදී  එම පාසලට ඇතුළත් වීමට මොහුට හැකි වෙනවා.අවුරුද්දක් ඇතුළත චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හදාරන මොහු  කල්කටා සරසවියෙන් වානිජ උපාධියක් ලබා ගන්නේ ප්‍රථම ශ්‍රේණිය සාමාර්ථයක් ද ලබමින් ය .

මිත්තල්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය 

මිත්ත්ල් ගේ පියා මෝහන්ලාල් මහතා මහාරාෂ්ඨ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගොස් ඇත.ඉතින් තම අධ්‍යාපන කටයුතු අවසන් කළ පසුව ලක්ශ්මී මිත්තල්  තම පියාගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් වැඩ කිරිමට පටන් ගත්තා . නමුත් වර්ෂ 1976 දී ඉන්දියාවේ  රජය විසින්  යකඩ වානේ නිෂ්පාදන කටයුතු සඳහා සීමා පැනවීමත් සමග ම ඔවුන්ගේ වානේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරිමට සිදුවිය. එම නිසා තම ව්‍යාපාර ජීවිතය අවසන් කිරීමට අකමැති වන ලක්ශ්මී මිත්තල්  වයස අවුරුදු 26 වන විට ඉන්දුනීසියාව බලා පිටත් වන්නේ තම ප්‍රථම වානේ කර්මාන්තශාලාව එහි ස්ථාපිත කිරීමට අධිෂ්ඨාන කරමින් ය .

ඔහු බලාපොරොත්තු වූ ලෙස ම ඉන්දුනීසියාවේදී තම ප්‍රථම වානේ කර්මාන්ත ශාලාව ආරම්භ කරන මොහු වර්ෂ 1989 දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට අයත් වාහන කර්මාන්ත ශාලාවක් මිලදීගන්නේ තාම ව්‍යාපාරික දිවියේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්ය. මිත්තල් ගේ දැනුම සහ අත්දැකීම්  යොදාගනිමින් වසරක වැනි කාලයක් ඇතුළත ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේය. නිරන්තරයෙන්ම යකඩ සමග ගැටී ජීවිතයම මුවහත් කර ගන්නා මොහු වර්ශ 1992දී මෙක්සිකෝව,1995දී කසකස්ථානය ,1995 දී  ජර්මනිය ,1994දී කැනඩාව  යන රටවල්වල මිත්තල් ස්ටීල් යන නාමය යටතේ  කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට පියවර ගත්තේය 

ආර්සිලෝ  ප්‍රති වාදියා 

මිත්තල්ගේ ව්‍යාපාරික ජීවිතයේ දී ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ඔහු හඳුනා ගත්තේ  ස්පාඤ්ඤයේ ස්ථාපිත  ආර්සිලෝ S.A නම් සමාගමයි. නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රතිවාදියා ව නිහඩ කිරීමේ අරමුණින්  වර්ෂ 2006 දී  එම සමාගම මිලදී ගෙන තමා යටතට පත් කර ගැනීමට  මිත්තන්ට හැකියාව ලැබී ය .එම හේතුව නිසාම මෙතෙක් මිත්තල්  ස්ටීල් ලෙස පැවති ඔහුගේ සමාගම  ආර්සිලෝ මිත්තල් බවට පත්වූයේ ඔහු යකඩ හා වානේ කර්මාන්තයේ රජු බවට පත්වෙමින් ය .

මිත්තල්  වානේ යොදා නිර්මාණය වූ ලොව ප්‍රසිද්ධ ස්ථාන

  • ජෙනරල් මෝටර්ස්
  • බෙන්ස් ෆෝර්ඩ්
  • 2011 දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මිත්තල් වානේ යොදා ගැනීම
  • ඇමරිකාවේ උසම ගොඩනැගිල්ල වන  එමිපයර් ස්ටේට් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය යකඩ ලබා දීම
  • “හාමනි ඔෆ් ද සී”  නම් ලෝකයේ දෙවැනි විශාල  මගී සංචාරක නෞකාව  නිපදවීම 

ආදී සුප්‍රසිද්ධ ස්ථාන ඉදි කිරීම සඳහා යොදා ගත්තේ මොහුගේ යකඩය .

මිත්තල්ගේ ලන්ඩන් මන්දිරය 

කොන්සින්ටන් පැලස් ගාඩ්න්ස් ලෙස නම් කෙරූ ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයක් වන මෙම මාලිගාව  මිත්තල් ගේ උරුමයක් බවටපත්විය. මෙය ඔහු විසින් මිලදී ගන්නේ ඩොලර් මිලියන 128 ක පමණ මුදලක් වැය කරමින් ය . නිරන්තරයෙන්ම මාලිගාවක් බඳු මේ මහා මන්දිරයේ විවේක ගැනීමට ඔහු වඩාත් කැමැති බව ඔහුගේ බිරිඳ වූ ඌෂා මිත්තල් සඳහන් කරයි. 2012 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ පොහොසත්ම පුද්ගලයා ලෙස නම් දැරූ මොහුගේ 2018 වර්ෂය වන විට දළ වත්කම පමණක් ඩොලර් බිලියන 18 ක් විය.

ඔහු වෙනුවෙන්ම තැනූ සුපිරි යාත්‍රා ජෙට් යානා සුපිරි බස් රථ ආදියෙන් ගෙන් යුක්ත ව මොහු ගතකරන සුඛෝපභෝගී  ජීවිතය අපිට කියා දෙන්නේ දුප්පත්කමින් ඉපිද දුප්පත්කමින්ම මිය  යන වහලෙකු ලෙස ජීවත් නොවි ජීවිතය ජය ගැනීමට නිරන්තරයෙන්ම උත්සුක විය යුතුය යන්නයි .

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies