Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ස්වීඩන් වල සිට ජපානයට අශ්වයන් පදින්න යන ලාංකික මැටිල්ඩා

ජපානයේ ටෝකියෝ නුවර පවත්වන 2021 වසරේ ඔලිම්පික් තරඟාවලිය මේ දිනවල ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබනවා. මේ ඔලිම්පික් තරගාවලිය සඳහා මෙවර අපේ රටෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීම දක්නට ලැබුණා. මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා අපේ රටේ වැඩේ ජනප්‍රිය නොවුනත් ගොඩක් රටවල ජනප්‍රිය ක්‍රීඩාවක් වන අශ්වාරෝහක ක්‍රීඩාව සඳහා ක්‍රීඩිකාවක් මෙවර ඔලිම්පික් තරගාවලිය තරගාවලිය සඳහා සහභාගිවීම දක්නට ලැබුණා.

ඒ අනුව මෙරට ඉතිහාසය ඉතිහාසයේ පළමු වතාවට අශ්වාරෝහක ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරගාවලියට ඉදිරිපත් වීම දක්නට ලැබුණා. ඇය නමින් මැටිල්ඩා කාර්ල්සන් වේ.කුඩා කාලයේ ස්වීඩනයේ දෙමව්පියන් දෙදෙනෙකු ගාව හැදුන මේ මැටිල්ඩා ශ්‍රී ලංකාවේ මහනුවර දේශීය ඉපදුන තරුණියක් වූ අතර ඇය ඉපදී මාස තුනකින් ඇයගේ දෙමාපියන් කම්කටුලු නිසා ඇයව ස්වීඩනයේ දෙමාපියන් දෙදෙනෙකුට රැකබලා ගැනීම සඳහා ලබා දෙනවා.

01

02

නමුත් ඇය ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වන තරුණියක් ලෙස හඳුන්වන්න පුළුවන්. 2019 දෙසැම්බර් 31 වෙනිදා ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වෙනවා. ඔලිම්පික් වරම් ලබා ගන්න ඇයට අශ්වාරෝහක තරගය සඳහා බෙදාගත් අශ්වයා චොපි ටොපි ලෙස හඳුන්වනවා. මේ චොපි අශ්වයාට මේ වන විට අවුරුදු දහයක් තරම් වයස වනවා. අශ්වාරෝහක ක්‍රීඩිකාවක් වන මැටිල්ඩා ලඟ අශ්වයින් 15 දෙනෙකු සිටින බව පවසයි.ඒතරම් පහසු ක්‍රීඩාවක් නොව මේය සිදු කිරීම සදහා ඉතා හොද ඉවසීමක් තිබිය යුතු බවත් ඇය පවසනවා.

03

04

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේ අශ්වාරෝහක තරගය සඳහා ප්‍රථම වතාවට සහභාගි වන ඇය ලංකාව නියෝජනය කරමින් මෙවර තරග වදින අතර ස්විඩනයේ ජීවත් වුවත් ඇය ඉපදුනු ලංකාවට කීර්තියක් ගෙන ඒමට ඇය බලාපොරොත්තු වන අතර සඳහා හොදින් තරග වැදීමට ඇය මේ වන විට සූදානම් වී සිටී. ඇයට එම අශ්වාරෝහක තරඟයේ තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකි වේවා යැයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

05

06

07

08

09