Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

මෙවර ඔලිම්පික් ගිය අපේ හදපු බේස් බෝලය

2021 වසරට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර ජපානයේ ටෝකියෝ වල පවත්වනු ලබනවා. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල අපේ රටටද විශේෂ වුනේ විවිධ ක්‍රීඩා තරග  වල අපේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට සහභාගී වීමට අවස්ථාව උදා වු නිසයි.  

නමුත් මේ කියනන්ට යනනේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ පවත්වනු ලබන බේස්බෝල් තරගය හා සම්බන්ධ අපේ රටට සුවිශේෂි වු කරුණක් පිළිබදවයි. මේ කරුණ වන්නේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේ බේස්බෝල් තරග සදහා අවශ්‍ය වන බේස්බෝල් පන්දුව මෙරටින් නිෂ්පාදනය වීමයි. ඒ අනුව අපේ රටේ නිෂ්පාදිත මේ බේස්බෝල් පන්දුව පිළිබද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ට්විටර් ගිනුමේ සටහනක් තබන්නට කටයුතු කර තිබුනා.

ලෝකය පුරා ඇඟලුම් නිර්මාණයන්ට මෙන්ම  ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදන සදහාදහා ද ඉතා හොද නමක් දිනා ගෙන ඇති අපේ රට තුළ මෙවැනි වටිනා නිෂ්පාදනයන් සිදු කිරිම ඉතාමත් වටිනා කරුණක් වේ. මෙරට තුළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකිවීම අපගේ ආර්ථිකය සදහා ඉතාමත් හොද තත්වයක් මෙන්ම අපේ ටේ ක්‍රීඩාව සදහාද ඉතාමත් වැදගත් සංදිස්ථානයක් වේ.  

මේ කටයුතු පිළිබද මැකටයුතු කරනු ලබන්නේ මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ බේස්බෝල් නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකරු වන අපේ රටේ සුජීව විජේනායක මහතා  විසිනි.ලෝකයක් පුරා වවිධ රටවල ක්‍රීඩයන්ගේ සහභාගිත්වයෙන් සිදු වන මෙවැනි බේස් බොල් වැනි ක්‍රීඩාවක ප්‍රධාන ක්‍රීඩා භාණ්ඩයක් අපේ රටේ නිෂ්පාදනය සිදු කිරිම  සැබැවින්ම අපේ රටට ආඩම්භරයකි.