Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

මල් ගොඩක් හට ගන්න මානෙල් මල් පැලයක් සරලව හිටවන්නේ මෙහෙමයි

මානෙල් මල් කියන්නේ අලංකාරවත් මල් වර්ගයක් මෙහි විශේෂත්වය වන්නේ මේවා ජලයේ හට ගන්නා මල් වර්ගයක් වීමයි. මානෙල් වලට අමතරව ඔ්ලු, නෙලුම් ආදියද ජලයේ හට ගන්නා සුවදවත් මල් වර්ගයක් වේ. බොහෝ දෙනා තමන්ගේ ගෙවත්ත හැඩ කරන්න පොකුණකට, නිවස ඉදිරිපිට අලංකාරයට තබන්නට මේ මානෙල් මල් සහිත භාජනයක් තබන්නට වැඩි කැම්තතක් දක්වනවා. ජලයෙන් ඉහළ මතු වී ඒන මේ සුන්දර මල නිසා ඇති බව සුන්දරත්වයට කවුරුත් කැමති.

1

2

වෙලක, ඇලක, වැවක හට ගන්නා හැම තැනම සුවද පතුරන මේ පැල වල හැමදාම මල් හට ගන්න නිසා මේ වාගේ මල් වර්ගයක් නිවසේ පැල කර ගන්න කවුරුන්ද අකමැති. නිවස ඉදිරිපිට බදුනක ඔබට මේ වාගේ හැමදාම මල් හට ගන්න සුවදත් මානෙල් පැයක් හිටවා ගන්න කැමති ඇති. පහසුවෙන් වගා කරන්න පුළුවන් නිසා ඔබට මෙවැනි පැලයක් සිටවා ගන්න එතරම්ම අපහසු නැ.

3

4

මානෙල් පැලය මුල් ජලය ‍පහලට ගමන් කරන අතර මේවගේ කොළයෙන් වුවද පැලයක් ලබා ගැනීමට හැකිවේ. මේ නිසා ඔබට සරලවය මේ මානෙල් පැලයක් සදා ගැනීමට අවශය නම් මානෙල් පැලයේ කොළයක් ගෙන ඔබට පැලය සිටවීමට බලාපොරොත්තු වන මඩ සහිත ජල බදුනේ කොළය උඩු අතට හරවා පා වෙන්න තැබු විට දින කිහිපයකින් ඔභට මෙහි මොටයියන් දැක ගැනීමට හැකි වේ. ඉන්පසු මඩ සහිත පසක කොම්පොස්ට් සමග මිශ්‍ර කොට මොටයියන් පැමිණි එම කොළය සිටවා ගැනීම කළ හැක. මේ සදහා ඔබට පැලය ගලවා ගෙන පැමිනි වෙල් යායේ මඩ වුවද භාවිතා කළ හැක.

5

6

සිටවීමෙන් පසු මෙයට ජලය එක් කිරිම කළ යුතු වේ. එම පැල සහිත ජල බදුන හොදින් හිරු එළිය වැටෙන ස්ථානයක තැබීම අවශ්‍ය වේ. මෙහි ඉක්මනින් මල් හට ගැනීම අවශ්‍ය නම් ඔබට මෙයට පොහොර ලෙස ගොම පොහොර, එළු පොහොර ආදිය මඩ මිශ්‍රණයට යෙදීම කළ හැක. ලස්සනට මල් ගොඩාක් හට ගන්න මානෙල් පැලයක් හිටවා ගන්න කැමති අයට මේ ක්‍රමය උත්සහා කරලා බලන්න පුළුවන්