Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කොහොඹ තෙල් යොදා ගනිමින් ජෛව පළි‌’බෝධ නාෂක පසුවෙන් සදා ගන්නේ මෙහෙමයි

කොහොඹ කියනකොටම මතකයට නැගෙන්නේ මෙය ඖෂධයක් ලෙසයි. ඔව් කොහොඹ කියන්නේ ආයුර්වේදයේ මෙන්ම රූපලාවන්‍ය කටයුතු වලදී වැඩි වශයෙන් යොදා ගන්නා ස්භාවික ශාකමය දෙයක් වේ. සමාන්‍යයෙන් කොහොඹ ගසක් අඩි 50 ක් පමණ උසට වර්ධන වන අතර සේවන දීමට ඉතාමත් යෝග්‍ය වන මේ ශාකය ඉඩෝරය සහිත ප්‍රදේශ වල ඉතා හොදින් වර්ධනය වේ. මේ නිසා අපේ රටේ වියලි කලාපය ආශ්‍රිතව බහුලව දකින්නට හැකි ශාකයක් ලෙස මෙය හදුන්වනු ලබනවා.

කොහොඹ කියපු ගමන් අනිවාර්යෙන්ම මතකයට නැගෙන තවත් දෙයක් තමයි මේ කොහොඹ ගසේ සෑම කොටසක්ම පාහේ තිත්ත රසයෙන් යුක්ත වීම. මේ නිසාම ඉතා විශිෂ්ඨ අයුර්වේද ගුණ ඇති වටිනා ඖෂධීය ශාකයක් ලෙසට මේ කොහොඹ හැදින්වීම නිවැරදි වේ. කොහොඹ ශාකයේ සෑම කොටසක්ම විවිධ ප්‍රයෝජනයන් සදහා ගනු ලබනවා. අප මේ කියන්නට යන්නේ බෝග වගාවක් සදහා ඒ කියන්නේ අපි ආහාරමය බෝග වගාවක් සිදු කිරීමේදි ඔබට ඇති වන පිළිබෝධ ප්‍රශ්නයට විසදුමක් ලෙස මේ කොහොඹ ගස ආශ්‍රීතව සිදු කර ගත හැකි වටිනා දේයක් ගැනයි කියන්නට යනනේ.

පළිබෝධ පානය සදහා බොහෝ දෙනා රසායනික් ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී ඇති නිසා විවිධ අහිතකර ගැටලුවලට මුහුණ දීමට බොහෝ‌ දොනට සිදු වී තිබෙනවා. මීට විසදුමක් ලෙස ඔබට පළිබෝධ නාශකයක් ලෙස ස්භාවික ‌කොහොඹ තෙල් යොදා ගෙන මේ ජෛව පළිබෝධ නාෂක සදා ගන්නේ කෙසේද යන්න මෙහිදි පැහැදිලි වේ. මුලින්ම ඔබට මේ සදහා වෙළද පොලෙන් කොහොඹ තෙල් කුප්පියක් ලබා ගැනීම අවශ්‍ය වේ. ඊඨ අමතරව මේ සදහා දිය කර ගත් සබන් මිලි ලීටර් 2 ක් පමණ, උණු වතුර මේ සදහා අවශ්‍ය වෙනවා. මෙය සදා ගන්නා ආකාරය ගැන කතා කරන විට මුලින්ම සබන් දියර සකසා ගත යුතු වේ. මේ සදහා සබන් ගැටයකින් හෝ සබන් කුඩු වලන් මේ දියරය සදා ගත හැක.

කොහොඹ තෙල් ඇල් ජලයේ දිය නොවන නිසා මේ සදහා ඔබ විසින් උණු ජලය යොදා ගැනිම ප්‍රයෝජනවත් වේ. ඉන් පසු කොහොඹ තෙල් මිලි ලීටර් 5 පමණ ගෙන ඒය භාජනයකට දමා උණු ජලය දමා හොදින් කලවම් කර ගැනීම අවශ්‍ය වේ. ඉන් පසු මෙයට සබන් දියරයද යොදා හොදින් කලවම් කර ගත යුතු වේ. හොදින් මිශ්‍ර වු මේ සියල්ල ඔබට ස්ප්‍රේ කළ හැකි බෝතලයකට පුරවා ගැනීම කළ යුතු වේ. ඉන් පසු එම ස්ප්‍රේ බෝතලය පිරෙන තෙල් උනු ජලය ඊට පිරවීම කළ යුතු වේ.මේ දියර බෝගයට ඉසීමට පෙර මෙහි උණුසුම් ජලය දැමු නිසා ඒවාගේ උෂ්ණත්වය පහල යන තෙක් සිට ක්‌ෂේත්‍රයට යෙදීම කළ යුතු වේ.

මෙය සදා පැය අටක් වැනි කාලයක් තුලදී අදාළ බෝගයන්ට යෙදීම කළ යුතු වේ.කොහොඹ වල ඇති තිත්ත සහිත ස්භාවය හා ඒහි ඇති තවත් සංඝටක නිසා බෝගලයන්ගේ සිටින කෘමි සගුන් පළවා හැරීම පහසුවෙන් සිදු කර ගත හැක. මෙහිදි අදාළ බෝගයේ පත්‍ර යටට සහ ඉහළට මේ මිශ්‍රණය හොදින් යෙදීම සිදු කළ යුතු වේ. පළිබෝධ පාලනයට විවිධ රසායනික දේ යොදනවාට වඩා ඔබටත් අහිතරකර නොවන මෙවැනි ස්භාවික ජෛව පළි‌බෝධ නාෂක තුළින් ඔබගේ වගාවන් පහසුවෙන් ආරක්ෂා කර ගත හැක.