Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වැනිලා වගාව නිවැරදිව සිදු කරන ආකාරය

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගයක් වෙන වැනිලා දෙවනි වන්නෙ සැෆ්‍රන් වලට පමණි . විවිධ ආහාර නිෂ්පාදිත කර්මාන්ත වලට රසකාරකයක් , කුළුබඩුවක් ලෙස නැතුවම බැරි නිසාවෙන් අද වෙළදපල තුල ඇත්තෙ ඉතාමත් ඉහල ඉල්ලුමකි. 

පසුගිය වසර පහක් තුල වැනිලා මිල ශීඝ්‍ර ලෙස වර්ධනයක් පෙන්වූ අතර අමු වැනිලා කිලෝ එකක් රුපියල්  500 – 6000 ක් දක්වා වේ. පදම් කල වැනිලා 1kg රුපියල් 15000 සිට 23000- 60000ක් අතර ප්‍රමාණයක් වේ. ඒ වගේම ජාත්‍යන්තර වෙළදපොලෙහි ස්වාභාවික වැනිසා සාරය 1kg සදහා ඩොලර් 1000ක මිලක් නියම වී ඇත. තවමත් ලෝකයෙ වැනිලා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසාවෙන් ඉතා ඉහල මිලක් නියම වී ඇත. 

වැනිලා වගා කළ හැකි දේශගුණික තත්ත්ව

දැනට ලෝකයේ වැනිලා වගාවෙන් ඉදිරියෙන් සිටින්නෙ ඉන්දුනීසියාව , වෙනිසියුලාව , ඉන්දියාව , උගන්ඩාව වැනි රටවල්‍ ය. ඒ අතරින් , ශ්‍රී ලංකාවේද වැනිලා වගාවට සුදුසු තත්ත්වයන් ඇත. උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 සිට 32 දක්වා පරාසයන්වලට හොදින් ඔරොත්තු දීමේ හැකියාවක් වැනිලා වලට පවතී . 

වැනිලා වගාව තෙත් සහ අතරමැදි කලාපයෙ ඉතා සාර්ථකව සිදු කල හැකිය. මහනුවර , මාතලේ , කෑගල්ල වැනි ප්‍රදේශයන් මේ සදහා සුදුසුම වන අතර වියළි කලාපයේ වගාවන් සිදු කිරීම ඉතා සූක්ෂම ලෙස කල යුතුය . 

වැනිලා වගාව නිසි ලෙස සිදු කරන අයුරු 

  • පළමුව ඔබ හොදින් ජලය බැස යන කාබනික ලෝම පසක් තෝරාගන්න. 
  • එම කොටසෙහි වැනිලා වැල් යැවීමට ගස් නොමැතිනම් , ආධාරක ශාක 8×5 හෝ 6× 6 පරතරයට සිටුවා ගන්න. මෙම කොටස වැනිලා සිටුවීමට මාස හයකට පෙර සිට සකස් කරගන්න. සෙවන ලැබීම අත්‍යවශ්‍ය සාධකයකි. මේ සදහා ගිනිසීරියා කදිමය. 
  • මුල් කාලයෙදී සෙවන 75%ක් හා හිරු එලිය 25%ක්ද , පසු කාලීනව වසර දෙකකින් පසුව හිරු එලිය 75%ක් දක්වා වැඩි කල යුතුය. 
  • වැනිලා වගාවට සුදුසු ඉඩම් : 
  • ගස් කොලන් පිරි ඉඩම් , පොල් ඉඩම් , තේ ඉඩම් , ගම්මිරිස් වගා ඉඩම් 
  • මෙම වැනිලා ඉඩම් උදලු ගෑම නොකරන්න. පැල හෝ දඩු සිටුවීමට සුදුසුම යල හෝ මාස් කන්නයයි . හොදින් වැසි ලැබෙන කන්නයක වගාව ඉතා සුදුසුයි.

වැනිලා අස්වැන්න සරු කරගැනීමට සහ වේගවත් කරගැනීමට සැළකිය යුතු කරුණු 

  • දඩු ලබාගැනීමෙදි හොද මව් ශාකයකින් ලබාගන්න. මල් නොපිපී තිබීම. ළපටි කොටස් නොගැනීම. 
  • දණ්ඩක් අඩි 3-4ක් ප්‍රමාණවත් වේ. 
  • පැළ තෝරාගන්නෙ නම් අඩියක් පමණ වර්ධනය වූ පැළ ගන්න.
  • සිටුවීමේදි අගල් හතරක වලක් හාරා එය කොම්පෝස්ට් සමග මිශ්‍ර කොට අගලක ප්‍රමාණයක් යට වන සේ සිටුවන්න.
  • කාබනික පොහොර පමණක් යොදන්න. 

වැනිලා අස්වැන්න ලැබීමට වසර තුනක කාලයක් ගත වෙනවා. ඒ නිසා එකල අමතර ආදායමක් ලැබීමට ආධාරක ගස් වල ගම්මිරිස් වගාව සිදු කිරීමට හැකි වීමද වාසියකි. මෙම වැනිලා වගාව යනු ගෘහණියන් හට ඉතා ඉහල ආදායමක් ලැබිය හැකි ක්‍රමයකි. දිනකට පැයක හෝ දෙකක පමණ කාලයක් වගා කටයුතු වෙනුවෙන් වෙන් කිරීම සිදු කිරිම ප්‍රමාණවත් අතර එයින් ලැබෙන ප්‍රතිලාභයන් අතිවිදිය හැක.

Writer : nethma beligolla