Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

වයස අවුරුද 19 ක් වු අපේ රටේ දක්ෂ යතුරුපැදි ධාවන ශුරිය හංසිකා

මෝටර් බයිසිකල් රේස් කියපු ගමන් මේ රෙස් පදින්න, රේස් බලන්න වඩාත් කැමැත්ත දක්වන්නේ පිරිමි ළමුන්. නමුත් පිරිමි ළමුන්ට සාපේක්ෂව මෝටර් බයිසිකල් රේස් වලට කැමති, ඒ රේස් සදහා සහභාගි වන ගැහැණු දරුවන්ද ලෝකයේ දකින්නට හැකි වන අතර මේ කියන්නට යන්නේ මෝටර් බයිසිකල් රේස් පදින අපේ රටේ දක්ෂ කෙල්ලක ගැනයි. අපි මේ කතා කරන තරුණිය නමින් හංසිකා අබේසිංහ වේ. ඇය වයස අවුරුදු 19 තරුණියකි.

මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ සිසුවියක් වන ඇයගේ විශේෂත්වය වන්නේ මේ වන විට අපේ රටේ මෝටර් බයිසිකල් රේස් දින එකම ගැණු දරුවාද වන්නේ ඇය වීමයි. රෝඩ් රේස් කියන්නේ වයස් සීමාවක් නැතිව ඔනේම කෙනෙකුට සහභාගී විය හැකි තරගයක්. මේ නිසාම ඇයට මෝටර් බයිසිකල් රේස් සදහා සහභාගී විමට හමු වන්නේ ඇය වඩා වයසින් වැඩි පිරිමි පුද්ගලයන් සමග වේ.

1

ඔවුන් සමග කරට කර තරග වදින ඇය මේ වන විට තරග රැසක් ජයග්‍රහණයද කර ඇත. කුඩා කල සිටම යතුරුපැදිවල දැඩි ආසවක් දැක්වු ඇය මෙරට මෙන්ම ජාත්‍යන්තර යතුරුපැදි ධාවන තරඟ රැසකින් ද ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සමත් දක්ෂ ධාවන ශූරයකි. ඇයගේ පියා මෝටර් බයිසිකල් ව්‍යාපරයක් සිදු කරන තැනැත්තෙකු වු නිසා නිතරම ඇයගේ නිවසෙට ගෙන ඒ‍නු ලබන නිසා ඒවා පැදීමට ආසාවක් ඇය තුළ ඇති වු අතර මේ නිසාම ඇයට මෝටර් බයිසිකල් පැදීමට ඇයගේ සියා විසින් කියා දෙනු ලබනවා.

2

ඇයගේ යතුරුපැදි ධාවන තරඟ නැරඹීමට කැමති පුද්ගලයෙකු වු නිසා ඒම තරග නැරඹිමට කුඩා කාලයේ සිටම මැයවත් රැගෙන යාම සිදු කර ඇත. මේ නිසාම මෝටර් බයිසිකල් රේස් සදහා සහභාගී වීමට ඇයට අවශ්‍ය වු නිසා ඇය මේ සදහා යොමු වන අතර ඇය ඉතා දක්ෂ ලෙස හොනට්, ට්‍රැකර් වැනි මෝටර් බයිසිකල් ධාවනය කරනු ලබනවා. 2012 වසරේ සිට මරෝඩ් රේස් සදහා සහභාගි වන ඇයට එයින් ජයග්‍රහණ රැසක් උදා කර ගැනීමට හැකි වනවා.

3

මේ නිසාම අවුරුදු 5 පුරා රෝඩ් රේස් ජාතික ශූරිය වෙන්නට ඇයට අවස්ථාව උදා වනවා. මේ නිසාම ඇයට Asia Cup Road Race සදහා සහභාගී වීමටද යන්න සුදුසුකම් ලැබෙනවා. මෙහිදි ඇය බොහෝ රටවල තරගකරුවන් පරදවා ජයග්‍රහණ රැසක් හිමි කර ගැනිමට හැකියාව ලැබෙනවා.

4

ඇයගේ බලාපොරාත්තු වන්නේ ඉතා හොද වර්ගයේ මෝටර් බයිසිකලයක් ගෙන රෝඩ් රේස් තරඟ අංශයෙන් අපේ රටට මිට වඩා ජයග්‍රහණ රැසක් ගබා දීමටයි. තමන්ගේ දක්ෂතා‌වයෙන් රපේ රටේ නම ලෝකය පුරා බබළවන්ට ආසාවෙන් බලා සිටින ඇයගේ දක්ෂතා තව තවත් දියුණු කරමින් අපේ ‍ රටට ජයග්‍රහණ රැසක් උදා කර දීමට ඇයට අවස්ථාව උදා වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නේමු.

5

6

7

8

9

10