කොකො බොන්සායි පැලයක් ගෙදරදීම පහසුවෙන් හදන්නේ මෙහෙමයි
බොන්සායි කලාව කියලා කෙටියෙන් හදුන්වනු ලබන්නේ පැතලි බදුනක සිටවන ලද කුඩා ශාකය යන්නයි. මේ කලාව චීනයේත් ජපානයෙත් ආරම්භ වන අතර මේ වන විට ගෙවතු අලංකරණය කිරීමට යොදා ගනු ලබන ඉතා ජනප්‍රිය කලාවක් වේ . විහාල ගස් කුරු ශාකයක් ලෙස කුඩා බදුනක සකස් කිරීම මෙහිදි සිදු වේ. මෙහිදපොල් , දිවුල් , සියඹලා, නුග, බෝ ආදි ශාකද පළතුරු ශාක වර්ග මල් පිපෙන විශාල ශාක වර්ලද මේ බොන්සායි කලාව සදහා යොදා ගනු ලබයි.
අපි මේ කියනන්ට යන්නේ ඔබට පහසුවෙන් ගෙදරදීම පොල් පැලයක් බොන්සායි කර ගන්නා ආකාරයයි. නැතිනම් පොල් පැලයක් කුරු ශාකයක් ලෙස සදා ගන්නා ආකාරයයි. මේවා කොකෝ බොන්සායි, නැතිනම් කොකනට් බොන්සායි ලෙසද හදුන්වනු ලබනවා. මේ බොන්සායි කලාව අපුරු කලාවක් වන නිසාත් මෙවැනි බොන්සායි පැල වර්ග සදහා හොද මිලක් පවතින නිසාත් ඔබට මෙවැනි පැල සාදන ආකාරය ගැන හොද දැනුමක් ලබා ගෙන මෙය ව්‍යාපරයක් ලෙසද සිදු කර ගැනීමට හැකියාව ඇත.
1

ඔබට අත්හදා බැලීමක් ලෙස නිවසේදි කොකෝ බොන්සායි පැලයක් සදා ගැන්නේ කෙසෙද යන්න හෙිදි සරලව පැහැදිලි කරනු ලබයි. මෙහිදි පළමුව ඔබ විසින් පැලකරගත්ත පොල්ගෙඩියක් හෝ ගහෙන් වැටිල ඉබේම පැල වුනු පොල් ගෙඩියක් මේයට භාවිතා කළ හැක. ඉතා සීරුවෙන් මේ පොල් ගෙඩියේ පොල් ලෙල්ල හරහා එලියට ඇවිත් තියෙන මුල් නොකැඩෙන්න පොල්ගෙඩිය තවානෙන් හෝ පැලවී ඇති ස්ථා නයෙන් ලබා ගැනීම ඔබ විසින් කළ යුතු වේ.
2

මෙහිදි මුල් වලට කිසිදු හානියක් නොවන සේ පරිස්සමින්එය කළ යුතු වේ. පොල් ලෙල්ල සම්පුර්ණයෙන් ඉවත් කරාට පස්සේ පොල් කටුව සහ කටුවට ඇලී ඉතිරි වී ඇති පොල් ලෙලි කොටස් පිරිසිදු කර ගත යුතු වේ. ඉන් පසු පිරිසිදු කරගත් පොල් කටුව මුල් වලට හානි නොවෙන්න වැලී කඩදාසියක් මගින් ඔබට සුමට කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් අනතුරුව වතුර භාජනයක් ගෙන පොල් කටුව වතුරේ නොගිලෙන ලෙසත් මුල් වල අග කොටස් වතුරෙ ගිලෙන ලෙසත් තබා සතියක් පමණ එලෙස තැබිය යතු වේ.
3

එසේ කරන විට මුල් සම්පූර්නයෙන්ම ජලයෙන් යට නොකල යුතු වේ. සතියකින් පසු මුල් වර්ධන වී ඇති බව ඔබට දැක ගත හැකි වේ. ඉන් පසු ඔබ මේ කොකෝ බොන්සායි පැලය සැදීමට තීරණය කර ඇති පෝච්චියේ මේ පැලය සිටවා ගත හැක. එහිදි ඔබ විසින් වැලය සිටවීම සදහා යොදා ගත යුතු මාධ්‍ය ලෙස මතුපිට පස්, වැලි නැතිනම් මතුපිට පස්, වැලි, කොම්පෝස්ට් සමානා ලෙස යොදා ගෙන මෙම මිශ්‍රණය සදා ගත හැක.
4

ඉන් අනතුරුව ඔබට අවශ්‍ය පරිදි පැලයේ එහි මුල් සකස් කර ගත හැක. (ඉහලට එසවුනු මුල් ලෙස හෝ පොල් කටුව වටා මුල් එතී ඇති ලෙස) මෙය එකවර සිදු කර ගත නොහැකි වන අතර ඔබට විටින් විට මාස කිහිපයක් මේ කාර්යය සිදු කිරීමට වේ. එ අනුව ඔබට රිසි පරිදි මුල පද්ධතිය සකස් කර ගත හැක.
5

ඔබ විසින් මේ පැලය පෝච්චියේ සිටවු පසු පොල් ලෙල්ල ඉවත් කල පසුව මුල් වියලී යෑම වැළැක්වීම සදහා තෙත්මනය සහිත රෙදි කබැල්ලකින් ටික කාලයක් මේ පොල් කටුව ආවරණය කොට තැබිය හැක. මෙහි මාස 5-6 යන විට එහි හැඩය පවත්වා ගැනීම සදහා අනවශ්‍ය අතු කපා ඉවත් කිරීම සිදු කිරීම මෙන්ම ඔබගේ බොන්සායි පැලයට ඔස්මකොට් වැනි පොහොර වර්ග සුලු වශයෙන් යෙදීම කළ හැක. ඒ අනුව වසර එක හමාරක් පමණ යන විට ඔභට සාර්ථක කොකො බොන්සායි පැලයක් ලබා ගැනීමේ හැකියාව ඇත
6

7

8

9
