Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

2021 වසරේ ඇමෙරිකාවේ වයස අවුරුද 11 පහළ ටේබල් ටෙනිස් ශූරිය වු ලාංකික දියණිය

මේස පන්දු නැතිනම් ටෙබල් ටෙනිස් කියන්නේ අද වන විට ලෝකයේ තියෙන ජනප්‍රිය ක්‍රීඩාවක්.කාලයත් සමග අත්දැකීම් සහ කුසලතා වර්ධනය කර ගැනීම මගින් ඉතා දක්ෂ ටෙබල් ටෙනිස් ක්‍රීඩකයෙක් වාගේම ක්‍රීඩිකාවක් විමේ අවස්ථාව මේ ක්‍රීාව තුළ ඇත. මානසික හා ශාරීරික තත්වය සෘජුවම රඳා පවත්වා ගනිමින් ඉතා තියුණු දැසකින් යුතුව සිදු කරන ලබන මේ ජනප්‍රිය ක්‍රීඩාව අපේ ලෝකයේ බොහෝ රට වල වාගේම අපේ රටේ ද මේ වන විට බොහෝ දෙනෙකු ක්‍රීඩා කරන ක්‍රීඩා ඉසව්වකි.

මේ නිසාම අද වන විට ලෝකයේ මිලියන ගණනක් නරඹන ජනප්‍රියතම ක්‍රීඩාවක් බවටද මෙය පත් වී ඇත. වයස් භේදයකින් තොරව මේ ටෙබල් ටෙනිස් ක්‍රිඩා කරන අය සිටින අතර ‌ලෝකයේ වවිධ වයස් කාණ්ඩ වලට අනුව මෙම ටෙබල් ටෙනිස් තරගාවලින් පවත්වනු ලබයි. ඒ අකාරයෙන් පසුගිය දිනක එනම් 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද වයස් කාණ්ඩ ටේබල් ටෙනිස් තරගාවලියකදී ලාංකීක දියණියකට ජයග්‍රහණයක් හිමි වනවා මේ ඇය ගැනයි. ඇය නමින් ටෂියා පියදාස වන අතර ශ්‍රී ලංකා ජාතික ශූරතාවය අටවරක් දිනාගත් තිලිණ පියදාස සහ හිටපු ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ශූරි රිෆ්කා කමීල්ගේ වැඩිමහල් දියණිය වේ.

1

ටෂියා පියදාස පසුගිය 2021 ඇමෙරිකා එක්සත් ජනපයේ පැවැත්වු ටේබල් ටෙනිස් තරගාවලියේදී වයස අවුරුදු 11 පහළ කාණ්ඩයේ බාලිකා ජාතික ශූරතාවය දිනාගැනීමට සමත් වනවා. මේ ජයග්‍රහණය නිසා ඇයව අවුරුදු 13න් පහළ එක්සත් ජනපද බාලිකා ටේබල් ටෙනිස් කණ්ඩායමද නියෝජනය කිරීමට ද අවස්ථාව උදා වී තිබෙනවා. ටෂියා පියදාස දියණියට ඇයගේ දක්ෂතා තව තවත් වර්ධන කර ගනිමින් ඇයට ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියට යැමට අවස්ථාව උදා වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්‌නේමු.

2

3

4

5

6