Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

හෙලිකොප්ටරයක් ඇතුළු නව නිපැයුම් 6ක් කළ තරුණයෙක්

විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න කියලා කියන්නේ ඉංජිනේරුවකු නොවුනත් ඊටත් එහා ගිය ප්‍රායෝගික දැනුමෙන් සහ තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ වූ  අපූරු තරුණයෙක් 

ඉතින් ඔහුගේ  මේ අපූරු තාක්ෂණික දැනුම සහ  අත්දැකීම්  යොදාගෙන විවිධ අවස්ථාවන් වල දී  විවිධ ආකාරයේ  නව නිෂ්පාදන රාශියක්  රටට දායාද කරල තියනවා.ඉතින් ඔහු නිෂ්පාදනය කරපු නව නිපැයුම් අතරින් පේටන්ට් බලපත්‍ර 6 ක්  සහිත නව  නිපැයුම් ලොවට හඳුන්වා දීමට ඔහුට හැකිවෙලා තියෙනවා.

නමුත්  බොහෝ සෙයින් කලකිරීමට පත්වන  මොහු ප්‍රකාශ කරන්නේ ,

“මං හදපු නව නිපැයුම්  වලට යොදා ගත්ත යකඩ කෑල්ලක් ඇණයක් ගානේ මේ රටට ඒ තුළින් යහපත් දෙයක් වේවි කියලා මහා විශාල බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණා ” කියලයි.නමුත් අලුත් අලුත් දෑ නොතකන ජාතියක් ලෙස ඉදිරියට යන ශ්‍රී ලාංකිකයන් ඔහු හදපු නව නිපැයුම් අද වනවිට අබලන් තත්ත්වයට අතහැර  දාලා ඉවරයි.

නිරන්තරයෙන්ම රටේ ප්‍රශ්න වලට විසඳුම් ලෙස ඔහු සකස් කරන නව නිෂ්පාදන අතරින් ,ෆයිනස් ශාකයෙන් පෙට්‍රල් ලබාගැනීම සඳහා නිර්මාණය කරපු යන්ත්‍රයත්,කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයත් ,helicopter යන්ත්‍රයත් ප්‍රධාන ස්ථානයක් ගන්නවා.

කුඹුර මැද දිරන හෙලිකොප්ටරය

වනජීවි මහත්වරුන්ට  අදාල රාජකාරි කටයුතු පහසු කිරීම උදෙසා හතර දෙනෙක්ට ගමන් කළ හැකි ආකාරයේ හෙලිකොප්ටරයක් මොහු විසින් නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්න ට්‍රැෆික් බයිසිකලයක් මිලදී ගන්න රජයට විශාල මුදලක් යනවා .ඉතින් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති නොකර එයට විකල්පයක් වශයෙන් සිව් දෙනෙකුට ගමන් කළ හැකි අඩු මුදලින් නිෂ්පාදනය කරන්න පුළුවන් අපූරු හෙලිකොප්ටරයක්  මොහු විසින් අදුන්වලා දෙනවා .  මේ හෙලිකොප්ටරේ විශේෂත්වය තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ රසදිය වලින් .ඉතින් මොහු පවසන ආකාරයට කිසිම බලධාරියෙකු ගේ ඇස නොගැටුණු මේ නිෂ්පාදනය අද වෙද්දි කුඹුරක් මැද දිරාපත් වෙනවා .

 ඔහු පවසන ආකාරයට මෙය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව නිපැයුම් කොමිසම ආදී වගකිය යුතු පුද්ගලයන් කිසිවෙක් ඔහුගේ මෙම නිෂ්පාදනය නිරීක්ෂණය කර නැත .

පයිනස් ශාකයෙන් පෙට්රල් ලබා ගැනීමේ යන්ත්‍රය 

කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි ඉක්මනින් දහනය කරන්න පුළුවන් මේ පයිනස් ශාකයෙන් මේ අපූරු නිර්මාණය සිදු කිරීමට මොහුට මූලික ලෙසම අදහස පහළ වුණේ ප්‍රවීණ ලේඛක රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා  ලියපු පොතක තිබූ ෆයිනස් ශාකය පිලිබඳ ලිපියක් කියවලයි 

ඉතින් මේ සඳහා ක්‍රියාත්මක වන මොහු   මේ ශාකයේ කොටස් එකතු කරලා යන්ත්‍රය මගින් පල්ප් එකක් හදාගෙන ඒක වියලීමට ලක් කළා ..එවිට එම  මිශ්‍රණයෙන් වායුවක් නිකුත් වී ඇත.ඉතින් නැවතත් එම ද්රාවණය කූලින් සිස්ටම් එකක් හරහා සිසිල් කළ පසු වතුර වැනි ද්‍රාවණයක් බවට පත්වු බව ඔහු පවසනවා. ඉතින් මෙලෙස වතුර වැනි ද්‍රාවණයක් බවට පත්වූ මෙය ඉතාමත් ඉක්මනින් ගිනි ගන්න බව ඔහුට වැටහුනා .ඉතින් එවැනි නිරීක්ෂණ සහ නිගමන  ඔස්සේ පෙට්‍රල් නිෂ්පාදනය කිරීමට හැකි වන මොහු ගමේ මිනිස්සුන්ට පෙට්‍රල් ලීටරයක් රුපියල් 60ක වැනි මුදලකට විකුණන්න පටන් ගත්තා .

එවකට සිටි ප්‍රාදේශීය ලේකම් මහතාගෙන්  මේ වැඩපිළිවෙළ වැඩිදියුණු කරන්න ඉල්ලීමක් කරත් එය සාර්ථක වෙලා නැහැ .ඒ වගේම තමයි මෙය නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් ලෙස සලකා ඔහුට අධිකරණයේ නඩුවක් දාන්නත් උත්සාහ කරලා තියෙනවා .

ඉතින් මෙවැනි සිදුවීම්වලින් කළකිරීමට පත්වුණ මේ තරුණයාමේ යන්ත්‍ර කඩල යකඩවලට විකුණලා තියෙනවා.

කසල ප්‍රතිචක්‍රීයකරණ  යන්ත්‍රය 

ඔහු හතරවැනි වරටත් කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් නිර්මාණය කරන්නේ පෙරසේම බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන .

නමුත් සිදු වන්නේ ම පෙර සිදුවූ දේමයි  ලක්ෂ 27ක පමණ මුදලක් වියදම් නිෂ්පාදනය කරන මේ නව නිපැයුමට  රජයෙන් අවසර හිමිවෙන්නේ නැහැ. ඔහු පවසන ආකාරයට මේ යන්ත්‍රයෙන් කුණු පටවලා ,ප්ලාස්ටික් ,වීදුරු ,යකඩ ,පොලිතීන්  සියලුම දේවල් වෙන වෙනම තෝරා ඇඹරීම  සිද්ධ කරනවා .

මුලින්ම මෙහි ක්‍රියාවලිය ගැන පැහැදීමට පත් වීමෙන් පසු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඔහු ඇගැයීමට ලක් කරා .ඉන්පසු එයින් දිරිමත් වෙන ඔහු වගකිවයුතු බලධාරීන්  හමුවී මේ සඳහා අවසර ලබා ගන්න උත්සාහ කරා .නමුත් ඔහු පවසන ආකාරයට විවිධ දේශපාලන පොරොන්දු ලබාදී ඔහු රැවැට්ටුවා මිනිසක් ඔහුට උදව් කිරීමට කිසිවෙකු පෙළඹිලා නැහැ.

මේ යන්ත්‍රට නීතිමය අවසර හිමි උනානම් කසල ටොන් 45 ක් පැය තුනක් ඇතුලත ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව තියෙන බව ඔහු පවසනවා . ඔහු පවසන ආකාරයට රජයට කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා යන මුදලද සම්පූර්ණයෙන් ම ඉතිරි කරගන්නත් හැකියාව තියෙනවා .ඒ කෙසේ නමුත් ඔහුගේ සිව්වැනි  නිෂ්පාදනයටද කණකොකා හඬලා හඬලන්නේ පෙර සිදු වූ  ආකාරයෙන්ය.

නව නිෂ්පාදන සිදු කිරීමෙන් යහපත් දේ ලෝකයට හඳුන්වා දුන්නත් ඔහුගේ සේවය ඇගැයීමට ලක් කරන්න කිසිම බලධාරියෙක් මේ වනවිට කටයුතු කරලා නැහැ .ඒනිසාම ඔහු මෙතෙක් නිපදවූ නව නිෂ්පාදන සියල්ලම පාහේ යකඩ බඩු වලට විකුණා අවසන්.

ඉතින් සුවිශේෂී නිර්මාණයන් රැසක් නව නිපැයුම් ඔස්සේ ලෝකයට හඳුන්වාදුන් විකුම් සැබෑම දක්ෂයෙක්.ඉතින් මෙවැනි දක්ශයන්ගෙ දක්ෂතා හඳුනාගෙන ඇගැයීමට ලක් නොකර  ඔහු අධෛර්යමත් කරනවා නම්  එය ජාතියක් විදිහට අපි අපටම කරගන්නා විනාශයකි.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies