Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දෑත් දෙපා අහිමි ලොව සාර්ථකම ධනාත්මක චින්තනයේ විශිෂ්ඨයා

අවාසනාවන්ත ලෙස ඉපදුනත් ධනාත්මක චින්තනයෙන් ජීවිතය ජයගත් හරි අපූරු පුද්ගලයෙක් ගැන තමයි මේ සටහන. ඉතින් විවාහයකින් පස්සේ ඕනිම පුද්ගලයෙක් බලාපොරොත්තු වන ඊළඟ දේ තමයි දරු සම්පත්.ඉතින් මෙන්න මේ වගේ  දහසක් බලාපොරොත්තු  හිතේ තියා ගෙන ජීවත් වුණු  යුවළක් තමයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණු වෝයිඅච්චි කියලා කියන්නේ. විවාහ ජීවිතයට එළඹුණු වෝයිඅච්චි තම කුලුදුල් දරුවාගේ  උපත බලාපොරොත්තුවෙන් පසු වුණා . වර්ෂ 1982 දෙසැම්බර් මස 4 වන දින ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයටම  ඔවුන්ගේ සුරතල්  දරුවා මේ ලෝකෙට බිහි වුණා. නමුත් සිදු වූයේ ඉතාමත් අවාසනාවන්ත දෙයක්.

“දෙවියනේ මේ මොකක්ද ” යනුවෙන් හැඬූ කඳුළින් ඉකිබිඳ කෑ ගැසූ මව තම දෝතට ගත්තේ අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්. රෝහල් කාර්ය මණ්ඩලය ද  විස්මයජනක  මුහුණෙන් යුතුව එකිනෙකා දෙස බලමින්  පොරෝණය තුළ උණුසුමට ගුලිවී සිටින  පුංචි පුතු දෙස බැලුවා. පළමු දරු උපතින්  ප්‍රීතියට පත්ව සිටි සියල්ලන්ගේම නෙතට කඳුළක් ඉනුවේ අත් කකුල් නැති පුංචි පුතුගේ මුහුණ දැකීමෙන් ය . ප්‍රීතිය වසා ගත් දුක්බර සහ අවිනිශ්චිතතාවයෙන් සියලු දෙනාගේම සිත පිරී ගියත් ඇගේ මව  පුංචි සිඟිත්තා ව තුරුල් කර ගත්තේ හදපිරි මව් සෙනෙහසින්.  අත් කකුල් නැතිව ඉපදුන පුංචි දරුවා ඇගේ මව විසින් නිකලස් ජේම්ස් වෝයිඅචිච් ලෙස නම් කළා. බොහෝ දෙනෙක් ඔහුට ආමන්ත්‍රණය කළේ ආදරණීය ලෙස “නික්” යන නමින්ය.

ඉපදුන දා පටන්ම පුංචි නික් ගේ ජීවිතය අභියෝගයක් ම වුණා.අනුකම්පා සහගත ලෙස නිරන්තරයෙන් ම පුංචි නික් දෙස බලන බොහෝ මිනිසුන් ඔහු වෙනුවෙන් යාච්ඤා කළා. වෛද්‍යවරුන්ගේ තීරණය අනුව ටෙට්‍රා ඇමේලියා කියන අතිශය දුර්වල  රෝගී තත්ත්වය ඔහුගේ ස්වරූපයට හේතු වූ බව පැවසුවා. කුඩා කල ඉතා අපහසුවෙන් කාලය ගෙවූ පුංචි නික් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගෙන් යාඥා කරමින් තමාට නැති වූ අත්පා ලබා දෙන ලෙස ඉල්ලා සිටියා . දවසක් දා ඇගේ මව කල්පනා කරනවා පුංචි නික් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලකට ඇතුළත් කරන්න  .එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුව විශේෂ අවශ්‍යතා ඇති පාසලකට ඇතුලත් කරන අතර නමුත් සිදු වූයේ අවාසනාවන්ත දෙයක් .බොහෝ යාලු මිත්‍රයන්ගේ උසුළු විසුළු මැද පුංචි නික් තමන්ගෙ පාසල් ගමන අවසන් කිරිමට තිරණය කරනවා.

මෙවැනි කටුක අත්දැකීම් ඔහු නිරන්තරයෙන්ම මානසික පීඩාවට ලක්වුණා .නික්ගේ මව අතිශයින්ම කරුණාබරිත හදවතින් යුත් මවක් වූවා. නික් වයස අවුරුදු 10 දී වතුරට පැන වතුරේ ගිලි මියයාමට උත්සාහ කරන්නේ ජීවිතය ගැන තිබූ  කලකිරීම හේතුවෙන්ය. වතුරට පැන ජීවිතය විනාශ කර ගැනීමට ගිය තම පුතුගේ ජීවිතය බේරා ගන්නා ඇගේ මව නිරන්තරයෙන්ම පුංචි නික්ගේ මනස සැහැල්ලු වන ආකාරයෙන් අවවාද සහ උපදෙස් ලබා දුන්නා .ඒ වගේම ඇය ඔහුගේ මනස යථා තත්ත්වයට පත් කිරීමට නොකල දෙයක් නැහැ .

එක දවසක් ඇය පුංචි  නික්ගේ දෑතට පත්තර පිටුවක් ලබාදෙනවා. ඇත්තටම ඒ පත්තර පිටුවෙන් මේ නික් ගේ ජීවිතය උඩුයටිකුරු කරන්න පුළුවන් කියලා කිසිවිටකත් ඔහු වත් හිතන්න නැතුව ඇති .මේ පත්තර පිටුවේ තිබ්බේ ආබාධ රැසක් සහිතව සතුටින් ජීවත් වෙන පුද්ගලයකුගේ ජීවිත කතාවයි. ඉතින් මෙය කියවන  නික් හිතා ගන්නවා  තමා පමණක් මෙවන් ඉරණමකට මුහුණ දුන් ලෝකයේ ජීවත් වන එකම පුද්ගලයා නොවන බව. එම තීරණයක් සමගම දවසක්දා කණ්නාඩියක්  ඉදිරිපසට යන නික් හරි අපූරු දෙයක් කරනවා .

“කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මම මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.මට ඕන වුණේ මගේ ශරීරයේ ලස්සනයි කියලා පේන මොනවා හරි ම දෙයක් තියෙනවද  කියලා බලන්න. මං මගේ ඇස් දෙක දිහා බැලුවා. ඉතින් මං දැක්කා තරු වගේ ලස්සන ඇස් දෙකක් .මගේ ඇස් ලස්සනයි. කාටවත් මගේ ඇස් දෙක වෙනස් කරන්න බෑ කියලා මම මටම කියාගත්තා.” ඉතින් මේ ක්‍රියාව ජීවිතයේ වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස ඔහුට ආශීර්වාද කළ බව  ඔහු අදටත් පවසනවා.කැඩපතෙන් මූණ බලා අවසන් වූ පසු ඔහු එදා අධිෂ්ඨාන කරනවා තමන්ට ලැබුණු දෙයින් ජීවිතය ජයගෙන ඉහළටම ගමන් කරනවා කියලා .

ඉතින් ඒ අධිෂ්ඨානය සමගම ඔහු නිරන්තරයෙන්ම ඉගෙනීම් කටයුතුවල නිරත වූ අතර පාසලේ නායකයා බවට මෙන්ම  ශිෂ්‍ය  සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත්වීමටද සුදුසුකම් ලබනවා. වයස අවුරුදු දාහතේදී ඔහු life without limbs නැමැති සුබ සාධන ආයතනය ආරම්භ කර ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒවගෙම නිරන්තරයෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇප කැප වු නික් වයස අවුරුදු 21 දී ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යා කළමනාකරණය යන උපාධි දෙකක හිමිකරුවෙක් වීමට තරම් දක්ෂ පුද්ගලයෙක් බවට පත්වෙනවා. තමන්ගේ ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන්වලදී විඳි දුක් ගැහැට ජීවත් වෙන පුද්ගලයන්ට නිරන්තරයෙන්ම උපදෙස් ආකාරයෙන් ලබා දුන්  ඔහු මේ වන විට  ජනප්‍රිය දේශකයෙක් බවට පත්වී අවසන්.

ජීවිතය පිළිබඳ සුබවාදී ආකල්ප ඇති කර ගැනීම සඳහා  නික්ගේ දේශන වලට මිනිසුන් පැමිණෙන්නේ  දස දහස් ගණනින් ය . ඉන් නොනවතින ඔහු life without limits ,life’s greater purpose හා no arms no legs no worries යන සුබවාදී අදහස් සහිත ඩීවීඩී පටි ලෝ පුරා ප්‍රචාරය කිරීමට පටන් ගන්නවා.ඔහුගේ ඇති සුබවාදී ආකල්ප සහ සුභවාදී චින්තනය නිසා මේ වීඩියෝ පටි ලොව පුරා දස දහස් ගණනින්  මිනිසුන් අතර හුවමාරු වීමට පටන් ගන්නවා . දේශක වරයෙක් ලෙස තම ජීවිතය සීමා කර නොගන්නා  ඔහු  the butterfly circus  නැමැති කෙටි චිත්‍රපටයට තම රංගන කුසලතාවය ලබා දෙන අතර එහි දැක්වූ විශිෂ්ට රංගන කුසලතාවය හේතුවෙන් methord feat සිනමා සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානයෙන්ද පිදුම් පිඳුම් ලැබීමට වාසනාවන්ත වෙනවා.

ඔහු පවසන ආකාරයට ඔහුට කවදාවත් අතට අත දීලා කතා කරන්නවත් කවුරුත් වැළඳ ගන්නවත් හැකියාවක් නැහැ .නමුත් අද වන විට ඔහුගේ දේශන වලට සහභාගි වන දස දහසක් දෙනා ආපසු යන්නේ ඔහුව දස දහස් වතාවක් සිප වැළඳ ගෙනයි. ලෝකයේ දැනට බිහිවී සිටින සාර්ථකම ධනාත්මක චින්තනය සහිත පුද්ගලයන් අතරින් විශිෂ්ටයෙක්  ලෙස සලකන නික්  කනේ මියහාරා නැමති තරුණියක් සමග විවාහ ජීවිතයට එළඹෙනවා.

උප්පත්තියෙන්ම තමන් ලැබූ අවාසනාවන්ත කම  ජීවිතයේ මියන තුරාවටම අවාසනාවක් බවට පත් කර නොගත් ධනාත්මක චින්තනයෙන් නිරන්තරයෙන්ම තම ජීවිතය ගැටගසා ගත් ඔහු අත් පා සහිතව උපත ලද එහෙත් අසාර්ථක ලෙස ජීවත්වන සියලුම දෙනාට  ලබාදෙන්නේ හරි අපූරු පණිවිඩයක් .එනම් ජීවිතය ජය ගැනීමට  හිතේ ශක්තිය ඇරෙන්න කිසිවක් අවශ්‍ය නොමැති බවයි.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies