Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

රාත්‍රීයේදී ඔබගේ නිවස ආරක්ෂා කරන ආරක්ෂක විදුලි සීනුව

විදුලි සීනුව නැතිනම් බෙල් එක සැම ගෙදරකම තිබෙන දෙයක්. අමුත්තෙකු නිවසට පැමිණි බව ඇගවීම සදහා ඔවුන් මේ විදූලි සීනුව නාද කරනු ලබයි. නමුත් අපි මේ කතා කරන්නේ ඊට වඩා වෙනස් ආකාරයේ විදුලි සීනුවක් ගැනයි. මේ අපුරු විදුලි සීනුව නිර්මාණය කරලා තිබෙන්නේ අමුත්තන් පැමිණියේද යන්න තහවුරු කර ගැනිම සදහා නොව ඔබගේ නිවසට පැමිණෙන සොර සතුරන්ගෙන් ඔබත් නිවසත් ආරක්ෂා කර ගැනීම සදහා වේ. නාගරික නිවෙස් වල අද වන විට පෞද්ගලික ආරක්ෂකයන් මෙන්ම සී.සී.ටී.වී. කැමරා සවි කර තිබෙන්නේ තමන්ගේ ‌නිවස අවට වන සිදුවීම් සහ නිවසට අනවසරයෙන් ඇතුල්වන අය පිළිබද දැනුවත් වීම සදහා වේ.

පොහොසතාට වාගේම සමාන්‍ය ජිවිතයක් ගත කරන අටත් තමන්‌‌ගේ නිවසේ දේවල් සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි. මේ නිසා සමාන්‍ය පුද්ගලයෙකුට පවා භාවිතා කළ හැකි සාමාන්‍ය ජනතාවගේ දේපළ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම හැකි අපුරු උපකරණයක් අපේ රටේ පුද්ගලයෙකු අතින් නිම වනවා. ඔහු එච්. එම්. ප්‍රේමරත්න බණ්ඩා මහතා වේ. ඔහු විසින් රාත්‍රී ආරක්ෂක විදුලි සීනුව (Night security electric bell) එකක් නිපදවනු ලබනවා. මේ රාත්‍රී ආරක්ෂක විදුලි සීනුව මගින් සොර සතුරන්ගේ පැමිණීම නිවැසියන්ට හැඟවීම පහසුවෙන් මේ උපකරණය ඔස්සේ සිදු කරනු ලබනවා. ඊට අමතරව විදුලි ගිනි ඇති වී විදුලි විසන්ධි වීමක දී, දිවා රාත්‍රී ඕනෑම වේලාවක දී මෙම සීනුව ක්‍රියාත්මක වේ.

1

මෙම උපකරණය ඔස්සේ නි‍වසේ විදුලි විසන්ධි කිරීමකදී අනතුරු හැඟවීම සිදු කරන අතර සොර සතුරන් රාත්‍රියේ නි‍වසට ඇතුළුවීමේ දී විදුලිය විසන්ධි කරනු ලබනවා. එහි ඇති සීනුව නාද කරමින් එහි ඇති විදුලි බල්බ දැල්වෙමින් නිවැසියන්ට අනතුරු හැඟවීම සිදු කරනු ලබයි. මෙතුමා විසින් මෙම පද්ධතිය නිර්මාණය සදහා ප්‍රධාන හේතුව වන්නේ සාමාන්‍ය ජනතාවට නවීන ආරක්ෂක පද්ධතියක් සවි කර ගැනීමට තරම් පහසුකම් නොමැති නිසා වේ. එච්. එම්. ප්‍රේමරත්න බණ්ඩා මහතා මෙම උපකරණය නිර්මාණය කිරීම සදහා භාවිත කර ඇත්‌තේ ඉවත දමන වවිධ කොටස් භාවිතා කරමින් වේ. අඩු පිරි වැයක් යටතේ මෙවැනි වටිනා නිර්මාණයක් ඉදිරියේදි සිදු කර දිමට මෙතුමා බලාපොරොත්තු වේ. මේ නිසා අඩු මුදලක් යටතේ ආරක්ෂක උපාංගය මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

2

3

4

5

6