Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

මල්වතුහිරිපිටියේ තරුණයින් පිරිසක් විසින් භාවිතයෙන් ඉවත් කර දමා තිබූ ගිලන්රියක් නැවත පිළිසකර කරයි

මේ දින වල ඔබටත් මටත් නිතර ඇසෙන සහ නිතරම දකින දෙයක් තමයි ගිලන්රථ කියන්‌නේ. මේ දින වන ගිලන්රථයක ශබ්දයක් ඇසෙන සැම විටම හිතේ ඇති වන්නේ කණගාටුදායක හැගීමක්.සෞඛ්‍ය සේවාවේ වැඩි කතා බහක් නැති වුනත් ගිලන්රථ සේවාව කියන්නේ ඉතාමත් වටිනා සේවාවක් අපේ රටට සිදු කරනු ලබන පිරිසක් වේ. රෝගි වු හදිසි අවස්ථාවක ඔවුන්ගේ සහය ලබා ගැනීම අද වන විට වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වනවා.

පළමුව අපේ රටේ ගිලන්රථ සේව‌යේ යෙදි සිටින සියලුම සමාජිකයන්ට මේ දින වල සිදු කරන ලබන සේවාව පිළිබද ඔවුන්ට ස්තුතින්ත විය යුතුයි.අපි මේ කතා කරන්නට යන්නේ ගිලන්රථ හා සම්බන්ධ අපේ රටේ තරුණයෝ පිරිසක් එකතු වෙලා පසුගිය දිනක සිදු කරන ලද අපුරු වැඩක් ගැනයි. ඒ අනුව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ තරුණ පිරිසක් එකතු වී අබලන් තත්වයේ පැවැති ගිලන් රථයක් අලුත් වැඩියා කිරිමේ කටයුත්තක් ගැන අසන්නට ලැබුනා. මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ සංකල්පයක් මත කොවි ඩ් අසාදිතව නිවෙස් වල පිඩා විදින රෝගි ජනතාව රෝහල් කරා රැගෙන යාමට මේ ගිලන් රථය මේ අයුරින් නැවත ප්‍රතිසංස්කරණය කොට භාවිතය සදහා යොදවා ඇත. තරුණයන් විසින් මෙ‌සේ පිළිසකර කරන ලද ගිලන්රථය මල්වතුහිරිපිටිය පොලිසිය වෙත පරිත්‍යාග කිරිමද ඔවුන් කටයුතු කරනු ලබනවා.

මෙවන් වටිනා වාහන දිරාපත් වී යන්නට නොදි මේ අයුරින් නැවත අලුත්වැඩියා තත්වයන්ට ගෙන එමට හැකි නම් අපේ රටේ වටිනා මෙවැනි දේවල් තව කොතෙකුත් ආරක්ෂා කර ගත හැකිද.මේ ගිලන්රථ අලුත්වැඩියා කටයුතු සදහා මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ මල්වතුහිරිපිටියේ ස්ව ශක්ති තරුණ සංවිධානය විසින් වේ.මේ වාගේ රටම අපහසුතාවයට පත් වී ඇති කාලයක රටේ තරුණ පරම්පරාවේ දායකත්වය මෙවැනි කාර්යන් සදහා යොමු කිරීම සැබැවින්ම අගය කළ යුතු අතරම වර්තමාන තරුණ පරම්පරාවේ මෙවන් යහපත් ක්‍රියා සදහා අනෙකුත් තරුණ තරුණියන්ගෙද දායකත්වය ලැබේන්නේ නම් ඒය රටේ අනාගතයට කොතරම් වටිනා දේයක්ද.

#1

#2

#3

#4

#5

#6

#7

#8