Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

නාසා ආයතනයට නැවතුවම බැරි ශ්‍රී ලාංකිකයා ආචාර්‍ය සරත් ගුණපාල

අභ්‍යවකාශ පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම සඳහා ලොව පිහිටා ඇති  විශාලතම ආයතනය නාසා ආයතනය  ලෙස හඳුන්වනවා. විශ්වය පුරාම අපිට නොපෙනෙන විවිධ ග්‍රහලෝක වල තොරතුරු කාලෙන් කාලෙට දැනගැනීම හා අවශ්‍ය ක්‍රියා වලින් සකස් කිරීම මෙහිදී සිද්ධ වෙනවා.ඉතින් නාසා ආයතනයේ සාමාජිකයෙක්  වෙනවා  කියන්නේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒක හරියටම කිව්වොත් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා හා සමාන දෙයක්.ඉතින් එතරම් අපහසු අභියෝගයක් ජයගෙන අද වන විට  නාසා ආයතනයේ ඉහළ පෙළේ තනතුරක් දරන ,ශ්‍රී ලාංකීය අභිමානය ලොව ප්‍රසිද්ධ කළ  වටිනා පුද්ගලයෙක් ගැන තමයි  අපි කියන්න යන්නේ.

මොහු නමින් ආචාර්ය සරත් ගුණපාල ලෙස හදුන්වයි. කෑගල්ල දිස්ත්‍රික්යේ යටියන්තොට ග්‍රාම නිලධාරී වසම මොහුගේ උපන්  ස්ථානයයි. 

ඉතින් මේ සරත් ගුණපාල කියලා කියන්නේ වර්තමානයේ නාසා  ආයතනයේ ජ්‍යේෂ්ඨ විද්‍යා ආචාර්යවරයෙක්.ඉතින් නාසා ආයතනයේ  ප්‍රබල සාමාජිකත්වයක් දරන්නේ ශ්‍රී ලාංකිකයෙක්  කිව්වාම අපිට කොයිතරම් ආඩම්බරයක්ද?

යටින්තොට සිරිවර්ධන පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ  පසුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වන මොහු  උසස් පෙළ හොඳින් සමත්  වී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලබනවා. ඉන්පසු විශ්වවිද්‍යාලය තුළ හොඳින් අධ්‍යාපන කටයුතු නිම කරන ආචාර්ය සරත් ගුණපාල මහතා වර්ෂ 1976 දී  විශ්ව විද්‍යාලයෙන් පිට වන්නේ භෞතික  විද්‍යාවේ දී උපාධිය සමග පළමු පන්ති සාමාර්ථ ලාභියෙක් ලෙසයි.

ඉන්පසු  වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පිටත් වන මොහු ඇමරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන්  ආචාර්ය උපාධියක් ද ලබා ගන්නවා.

ඉන්පසු ATNT  ආයතනයේ  පර්යේෂණ නිලධාරියෙකු  ලෙස සේවයට බැඳෙන ආචාර්ය සරත් ගුණපාලයන්ට  ලොව හොදම   අභ්‍යවකාශ විද්‍යාගාරය වන නාසා ආයතනයට එක් වීමට වර්ෂ 1991 දී  අවස්ථා උදා වෙනවා  .

මුලින්ම නාසා ආයතනයේ  ලොස් ඇන්ජලීස් හි පිහිටා තිබෙන ප්‍රධාන විද්‍යාගාරයක් වන ප්‍රපල්ෂන්  විද්‍යාගාරයට සාමාන්‍ය විද්‍යාඥයෙක් වශයෙන් සේවයට බැදෙන මොහු ඉන්පසු  අධෝරක්ත කිරණ කැමරා නිර්මාණයට යොමු වුණා.

මෙහෙම කාලයක් යද්දි නාසා එකේ වැදගත් තනතුරක් ලෙස සැලෙකෙන ෆේපෝ සයන්ටිස්ට්  කෙනෙක් වෙන්න  ආචාර්ය සරත් ගුණපාලයන්ට අවස්ථාව උදා වෙනවා.

නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාගාර දහයක් තියෙනවා. මේ විද්‍යාගාර  දහයෙන් පහක් විශාල විද්‍යාගාර වන අතර ඉතුරු පහ කුඩා පරිමාණ විද්‍යාගාර වේ .ඉතින් මේ විද්‍යාගාර වල හැට දාහක් පමණ විද්‍යාඥයන් ඉන්නවා.ඒ හැටදාහක් අතරෙනුත් ෆෙපෝ සයන්ටිස්ට් ලා ඉන්නේ අසූවයි.ඉතින් මේ අසූවඅතරින්  ශ්‍රී ලාංකීය නමක් තියෙනවා කියන්නේ අපිට කොයිතරම්  ආඩම්බරයක්ද? ඉතින් ආචාර ආචාර්ය සරත් ගුණපාල කියලා කියන්නේ මේ ෆෙපෝ සයින්ටිස්ලා  අසූවෙන් එක්කෙනෙක්.

නාසා ආයතනයේ දී සිදු කළ කාර්යයන් 

  • 1994 දී නාසා ආයතනය මගින් අඟහරු වල ජලය තිබේ දැයි පරික්ෂා කිරීමට යැවූ යානයේ  අධෝරක්ත කිරණ කැමරාව නිර්මාණය කිරීම.
  • එම යානය සමග යැවූ චන්ද්‍රිකාවේ අධෝරක්ත කැමරාව නිර්මාණය කිරීම 
  • 2021 වර්ෂයේ දී අඟහරු වෙත ගොඩබැස්සූ  කියුරියෝසිටි  යානයේ සෑම් නමැති උපකරණයේ T L E නැමැති ලේසර් කිරණ නිර්මාණය කිරීම.

ඒ වගේම මීට අමතරව 1999 දී ඇමරිකාවේ පිහිටි සියලුම පරීක්ෂණ  ආයතන වල  දක්ෂතම පර්‍යේක්ෂකයා ලෙස පත්වීමට ද මෙතුමා ට හැකියාව ලැබුණා .

ඉතින් නාසා ආයතන සමඟ සේවයට එක් වෙමින් තාරකා ලොව අතික්‍රමණයට ඇවැසි පරීක්ෂණයන් සිදු කරන ආචාර්ය සරත් ගුණපාල නැමැති අව්‍යාජ ලාංකිකයාට  අපි හදවතින්ම සුබ පතමු .

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies