භාවිතයෙන් ඉවත්කළ රථ වාහන ප්‍රතිනවීකරණය කිරීමට අපේ යුධ හමුදාව සමත් වෙයි
අපේ රටේ මිනිසුන්ට අවශය සෑම මොහොතකදීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක වී ඔවුන්‌ගේ සහය ලබා දීමට අපේ රටේ සියලුම ආරක්ෂක අංශ වල නිළධාරීන් කටයතු කරනු ලබයි. ඒ අතර යුධ හමුදාය විශේෂ වේ. අපේ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව කියන්නේ විවිධ අපේ රට මෙන්ම ලෝකයම පුදුම කරන විවිධ නිර්මාණයන් සිදු කරන ලද ආයතනයක්. මීට පෙර ද අපි ලිපියකින් ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහා යැවීමට මෙරදීම නිපදවන ලද වාහන පිළිබද ඔබව දැනුවත් කරනු ලැබුවා.
නමුත් අද මේ කියනනට යන්නේ ඊට වඩා වෙනස් කරුණක් පිළිබදවයි. මේ අනුව යුද හමුදාව දිගු කාලයක් භාවිතා කොට ගෙන භාවිතයෙන් ඉවත් කොට තිබු රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් පසුගිය කාලයේ ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව එම භාවිතයෙන් ඉවත් කරන ලද වාහන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කොට භාවිතය සදහා යොදා ගත හැකි වන පරිදි සකස් කිරිම සිදු කරනු ලබනවා.මෙහිදි ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් මහතාගේ උපදෙස් මෙන්ම එම රෙජිමේන්තුවේ සේවය කරන හමුදා නිළාදරින්ගේ තාක්ෂණික දැනුම යොදා ගනිමින් නවීන මාදිලියන්ට අනුව මෙම වාහන නවීකරණය සිදු කරයි.
ඒ අතර ජිප් රථ , ඩබල් කැබ් රථ, කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක් ආදිය ප්‍රතිනවීකරණය කොට ඇත. පසුගිය දිනක ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පරීක්‍ෂාවටද ලක් කරනු ලැබුවා. මේ ඔස්සේ යුද හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් ගෙන්වන වාහන ප්‍රමාණය අඩු කරමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව ඇති අතර ඉන් අත් වන වාසිද බෙහෝමයකි. මෙවැනි වටිනා ක්‍රියාවන් සිදු කරනු ලබන සියලුම නිලධාරින් හට ශ්‍රී ලාංකිය සැමගේ ස්තුතිය ද පුද කරන්නේමු.
1

2

3

4

5

6

7
